සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1028
ප්රණීත
1. වි. මිහිරි ; රසවත් ; මන පිනවන ; මධුර.
2. උතුම් ; ශ්රේෂ්ඨ ; උසස්.
3. මනා කොට වැඩූ ; ප්රකර්ෂයට පැමිණ වූ ; උසස් බවට පත් වූ කළ.
4. සුවපහස් දනවන ; මනාව නිම කළ ; ඉතා යහපත්.
5. සම්පාදිත ; රචිත.
ප්රත්ය(ය) සමවායී භාෂා
නා.ප්ර. එම බහු. (වාග් විද්යාවෙහි) ඓන්ද්රිය භාෂා ගණයට අයත් අතුරු භාෂා ගණයක නාමය ; නාම විභක්ති රූප හා ආඛ්යාත විභක්ති රූප ගෙන පද සිද්ධිය ඇති වන භාෂා.
ප්රත්යක්ෂය
1. නා. අවබෝධය ; වටහා ගැනීම ; පසක් වීම ; පැහැදිලි වීම.
2. යථාර්ථ ඥානයේ ප්රභේද දෙකෙන් එකක්.
3. න්යාය ශාස්ත්රයෙහි එන ප්රමාණ හතරෙන් එකක්.
ප්රත්යගාත්මය
නා. මනුෂ්යයා පිළිබඳ සත්යය ; පුද්ගලයා සම්බන්ධ ප්රාණය ; පුද්ගල ආත්මය.
ප්රත්යඞ්ග
1. නා.ප්ර. විශාල අංශයක ඇති කුඩා කොටස් ; ශරීරයට අයත් ඇස්, කන්, නාසා, ඇඟිලි, නිය ආදි කුඩා අවයව.
2. යම් සංස්ථාමය ආයතනයක අනු කොටසක් ; කුඩා කොටසක් ; අවශේෂ අංගයක්.
ප්රත්යදානය
නා. දිවි පැවැත්මට අවශ්ය නිවාස, ආහාර, වස්ත්ර, බෙහෙත් යන සිවුපසය දීම ; පරිභෝගයට අවශ්ය දෑ දීම.
ප්රත්යන්ත
වි. නගර සීමාවෙන් ඈත් වූ ; පිටිසරබද.
ප්රත්යන්තය
නා. පිටිසර පෙදෙස ; නගර සීමාවෙන් පිටත ප්රදේශය ; නගරයට වඩා කුඩා නොදියුණු පෙදෙස.
ප්රත්යනීක
1. වි. සතුරු වූ ; ප්රතිපක්ෂ වූ ; විරුද්ධ වූ.
2. සතුරු ; අහිතකර ; ප්රතිවිරුද්ධ.
ප්රත්යනුවේගී
වි. (පාරිභා.) පෘෂ්ඨවංශිකයන්ගේ හිසේ දී මොළයේ පටන් ද, ත්රිකාස්තික ප්රදේශයේ දී සුෂුම්නාවේ පටන් ද ආරම්භ වී සිනිඳු පේශි හා ග්රන්ථි කරා දිවෙන චාලක ස්නායු තන්තු පද්ධතිය පිළිබඳ වූ.
ප්රත්යය
1. නා.ප්ර. යම්කිසි ඵලයක් සිදුවීමට උපකාර වන හේතුව ; කාරණය ; මූලය ; නිදානය.
2. (අභි.) ඔවුනොවුන් හට ගැනීමට උපස්තම්භක වීම් වශයෙන් උපකාර වන ධර්මය ; පට්ඨාන ප්රකරණයෙහි දැක්වූ සූවිසි ප්රත්යය.
3. විශේෂයෙන් බෞද්ධ භික්ෂුවකගේ ජීවිතය ගෙන යෑමට උපකාර වන ආහාර සිවුරු ආදි (සිවු) පසය.
4. (ශබ්දයක අර්ථයක් අනුව ඒ දේ) වටහා ගැනීමේ නුවණ ; අවබෝධාත්මක ඥානය.
5. දේශපාලන න්යායයන් සසඳා බැලීම සඳහා යොදාගනු ලබන න්යායික පදනම.
6. තර්කයෙහි ලා යෙදෙන අවබෝධාත්මක ඥානය සූචනය කරවන අන්තර් වාක්යය.
7. ව්යාකරණයේ දී පද සිද්ධ කර ගැනීමට ධාතු හා නාම සමඟ යොදනු ලබන කොටස්.
8. ආර්ථික විද්යා මූල ධර්මයට අදාළ සංකල්පය ; අදහස ; මතය.
9. යහපත් ප්රතිඵල ලැබෙන හේතුව ; උපකාරක ධර්මය ; වාසනාව.
10. ආධාරය.
11. ශ්රද්ධාව.
12. ශබ්දය.
13. සිදුර.
14. විශ්වාසය.
15. නිශ්චය.
ප්රත්යය ජාතය
නා. හේතු සමූහය ; කාරණ රාශිය.
ප්රත්යය දානය
නා. සිවුරු ආදී සිවුපසය දීම ; පිරිකර ආදිය පරිභෝජනය සඳහා පිරිනැමීම.
ප්රත්යය නිශ්රිතශීලය
නා. සිවුපසය ප්රත්යවේක්ෂා කොට පරිභෝග කිරීමේ ශීලය.
ප්රත්යය පූජා
නා.ප්ර. චීවරාදී සිවුපසය පිදීම ; ආමිස පූජාව.
ප්රත්යය ලාභය
නා. භික්ෂුවකට ලැබෙන හෝ භික්ෂුවක විසින් ලබාගන්නා හෝ සිවුපසය.
ප්රත්යය ලාභියා
නා. ප්රත්යය ලබන්නා ; සිවුපසය ලැබීමෙහි භාග්යය ඇති භික්ෂුව.
ප්රත්යය ශක්තිය
නා. යමක් ඇතිවීමට උපකාර වන දෙයෙහි ඇති බලය.
ප්රත්යය සංග්ලිෂ්ට භාෂා
නා.ප්ර.බහු. වාග් විද්යාවට අනුව ලෝක භාෂා වර්ගීකරණයේ දී දක්නට ලැබෙන සංග්ලිෂ්ට භාෂා ප්රභේදයක්.
ප්රත්යය සංයුක්ත
වි. හේතු කාරණා ඇතුළත් ; සකාරණ ; හේතු සහිත.
ප්රත්යය සන්නිශ්රය
නා.ප්ර. (චීවරාදි) ප්රත්යය ඇසුරු කිරීම.
ප්රත්යය සන්නිශ්රිත ශීලය
නා. සිවුපසය ප්රත්යවේක්ෂා කොට පරිභෝග කිරීම නැමැති ශීලය.
ප්රත්යය සමවායය
නා. (අභි.) (ඵලයක් ඇතිවීම සඳහා) හේතූන්ගේ එක්වීම ; ප්රත්යයන්ගේ රැස්වීම.
ප්රත්යය සම්පත්තිය
නා. දානයක් මහත්ඵල වීමට හේතු වන සම්පත් සතරෙන් එකක්.