ප්රත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යම්කිසි ඵලයක් සිදුවීමට උපකාර වන හේතුව ; කාරණය ; මූලය ; නිදානය.
2. (අභි.) ඔවුනොවුන් හට ගැනීමට උපස්තම්භක වීම් වශයෙන් උපකාර වන ධර්මය ; පට්ඨාන ප්රකරණයෙහි දැක්වූ සූවිසි ප්රත්යය.
3. විශේෂයෙන් බෞද්ධ භික්ෂුවකගේ ජීවිතය ගෙන යෑමට උපකාර වන ආහාර සිවුරු ආදි (සිවු) පසය.
4. (ශබ්දයක අර්ථයක් අනුව ඒ දේ) වටහා ගැනීමේ නුවණ ; අවබෝධාත්මක ඥානය.
5. දේශපාලන න්යායයන් සසඳා බැලීම සඳහා යොදාගනු ලබන න්යායික පදනම.
6. තර්කයෙහි ලා යෙදෙන අවබෝධාත්මක ඥානය සූචනය කරවන අන්තර් වාක්යය.
7. ව්යාකරණයේ දී පද සිද්ධ කර ගැනීමට ධාතු හා නාම සමඟ යොදනු ලබන කොටස්.
8. ආර්ථික විද්යා මූල ධර්මයට අදාළ සංකල්පය ; අදහස ; මතය.
9. යහපත් ප්රතිඵල ලැබෙන හේතුව ; උපකාරක ධර්මය ; වාසනාව.
10. ආධාරය.
11. ශ්රද්ධාව.
12. ශබ්දය.
13. සිදුර.
14. විශ්වාසය.
15. නිශ්චය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හේතුව; කාරණය; මූලය/ සිව්පසය/ වටහා ගැනීමේ නුවණ/ ව්යාකරණයේ දී ධාතු හා නාම සමඟ යොදන අකුරු (සං. ප්රත්යය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. affix
2. n. cause
3. n. concept
4. n. condition
5. n. ending
6. n. notion
7. n. requisite
8. n. suffix
9. Psy. thesis