අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 197

ප්‍රජානනය

නා. මැනවින් දැන ගැනීම (සං. ප්‍රජානන)

ප්‍රජේශ්වර

නා.ප්‍ර. ජනතාවගේ ප්‍රධානයා (සං. ප්‍රජෙශ්වර)

ප්‍රඥප්තිය

නා. පැනවූ දෙය; නියෝගය/ ව්‍යවහාරය; සම්මුතිය (සං. ප්‍රඥප්ති)

ප්‍රඥාව

නා. ඥානය/ පාණ්ඩිත්‍යය (සං. ප්‍රඥා)

ප්‍රණමිත

වි. වඳින ලද (සං. ප්‍රණමිත)

ප්‍රණය

නා.ප්‍ර. ආදරය; ස්නේහය (සං. ප්‍රණය)

ප්‍රණාමය

නා. වැඳීම; නමස්කාරය/ ගෞරවය (සං. ප්‍රණාම)

ප්‍රණාල

නා.ප්‍ර. නලය/ පීල්ල/ අගල (සං. ප්‍රණාල)

ප්‍රණාලිය

නා. දිය ගෙන යන නලය/ පීල්ල/ සොරොව්ව/ නිම්න රේඛාව (සං. ප්‍රණාලි)

ප්‍රණිධාන

නා.ප්‍ර. සිත පිහිටුවීම; ප්‍රාර්ථනය (සං. ප්‍රණිධාන)

ප්‍රණිධිය

නා. සිත මනා සේ පිහිටුවීම/ ප්‍රාර්ථනය/ නීතිමය කාර්යය (සං. ප්‍රණිධි)

ප්‍රණිපාත

නා.ප්‍ර. වැඳීම; වැඳ වැටීම (සං. ප්‍රණිපාත)

ප්‍රණීත

වි. මිහිරි; රසවත්/ උතුම්; ශ්‍රේෂ්ඨ/ මනා කොට වැඩූ/ සම්පාදිත/ සුවපහසු දනවන (සං. ප්‍රණීත)

ප්‍රත්‍යංග

නා.ප්‍ර. විශාල අංගයක ඇති කුඩා කොටස්/ යම් සංස්ථාමය ආයතනයක අනු කොටසක් (සං. ප්‍රත්‍යඞ්ග)

ප්‍රත්‍යක්ෂ

වි. ඉන්ද්‍රිය විෂය වීමෙන් නිවැරදි වූ/ අත්දුටු; නොවරදින (සං. ප්‍රත්‍යක්‍ෂ)

ප්‍රත්‍යන්තය

නා. පිටිසර පෙදෙස; නගර සීමාවෙන් පිට ප්‍රදේශය (සං. ප්‍රත්‍යන්ත)

ප්‍රත්‍යය

නා.ප්‍ර. හේතුව; කාරණය; මූලය/ සිව්පසය/ වටහා ගැනීමේ නුවණ/ ව්‍යාකරණයේ දී ධාතු හා නාම සමඟ යොදන අකුරු (සං. ප්‍රත්‍යය)

ප්‍රත්‍යයාර්ථනාමය

නා. ධාතුවකින් හෝ නාමයකින් පර ව අර්ථවත් ප්‍රත්‍ය යෙදීමෙන් සෑදෙන නාමපදය (සං. ප්‍රත්‍යයාර්ථ)

ප්‍රත්‍යවේක්ෂණය

නා. නුවණින් සලකා බැලීම/ නැවත විමසා බැලීම (සං. ප්‍රත්‍යවෙක්‍ෂණ)

ප්‍රත්‍යාපන

නා.ප්‍ර. ආහාර ගැනීම/ වමාරා කෑම

ප්‍රත්‍යාලෝචනය

නා. නැවත මෙනෙහි කිරීම

ප්‍රත්‍යාවර්තනය

නා. යළි ඇතිවීම/ ආපසු හැරීම/ ආපසු හැකිළීම (සං. ප්‍රත්‍යාවර්තන)

ප්‍රත්‍යාසන්න

වි. කිට්ටු; සමීප (සං. ප්‍රත්‍යාසන්න)

ප්‍රත්‍යාස්ථ

වි. මුලින් පැවති ස්වභාවයට පැමිණෙන (සං. ප්‍රත්‍යාස්ථා)