අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 196
ප්රක්ෂේපණය
නා. පිළිබිඹු කිරීම/ නියම කිරීම; ආරෝපණය කිරීම (සං. ප්රක්ෂෙපණ)
ප්රක්ෂේපය
නා. නෙරා සිටින දෙය/ දැමීම; බහාලීම (සං. ප්රක්ෂෙප)
ප්රකාරය
නා. ආකාරය/ ප්රභේදය/ නිර්මාණය (සං. ප්රකාර)
ප්රකාශනය
නා. පදයෙන් පැහැදිලි කරන අර්ථය පැවසීම/ ප්රකට කිරීම/ දීප්තිමත් කිරීම/ පොත්පත් මුද්රණය කොට ප්රසිද්ධ කිරීම (සං. ප්රකාශන)
ප්රකාශය
නා. නිවේදනය/ හෙළි කිරීම/ ආලෝකය/ දැඩි ලෙස හෝ සහතික ලෙස කියා සිටීම (සං. ප්රකාශ)
ප්රකීර්ණකය
නා. ග්රන්ථයක පරිච්ඡේදයක නාමය/ සම්මිශ්රණය වූ බව (සං. ප්රකීර්ණක)
ප්රකෘතිය
නා. සැබෑ තත්ත්වය/ මුලින් වූ තත්ත්වය/ බලය; ශක්තිය (සං. ප්රකෘති)
ප්රකෝටිය
නා. කෝටියේ ඒවා කෝටිය; බිලියන සියය (පා. පකොටි)
ප්රකෝෂ්ඨය
නා. බාහුව/ මිදුල (සං. ප්රකොෂ්ඨ)
ප්රගතිශීලී
වි. ඉදිරියට යනසුලු
ප්රගමනය
නා. ඉදිරියට යෑම (සං. ප්රගමන)
ප්රගල්භ
වි. බුහුටි/ උසස් (සං. ප්රගල්භ)
ප්රගුණ
වි. පුහුණු වූ; පුරුදු කළ (සං. ප්රගුණ)
ප්රචණ්ඩ
වි. අතිශයින් රෞද්ර (සං. ප්රචණ්ඩ)
ප්රචලිත
වි. ප්රසිද්ධ වූ; පැතුරුණු; ප්රචාරය වූ (සං. ප්රචලිත)
ප්රච්ඡන්න
වි. වැසුණු; සැඟවුණු/ ගැවසුණු/ රහස්; ගුප්ත (සං. ප්රච්ඡන්න)
ප්රචාරණය
නා. ප්රසිද්ධ කිරීම (සං. ප්රචාරණ)
ප්රචාලක
වි. යාත්රා කරන (සං. ප්රචාලක)
ප්රචුර
වි. බලවත්/ උතුම්/ බහුල (සං. ප්රචුර)
ප්රචූෂකය
නා. උරාගන්නා ස්වභාවයෙන් යුක්ත වූව; අවශෝෂකය (සං. ප්රචූෂ්ක)
ප්රජනනය
නා. ජනිත කරවීම (සං. ප්රජනන)
ප්රජනනේන්ද්රියය
නා. උත්පාදක අවයවය (සං. ප්රජනන+ඉන්ද්රිය)
ප්රජ්වලිත
වි. දැල්වුණු; ඇවිළුණු/ අතිශයින් බැබළුණු (සං. ප්රජ්වලිත)
ප්රජාතන්ත්ර
නා.ප්ර. ප්රජාව/ ජනතාව විසින් කරනු ලබන ජනතා පාලනය (සං. ප්රජාතන්ත්ර)