අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 195

පළඟැටියා

නා. කෘමි විශේෂයක්

පළනවා

ක්‍රි. පළු කරනවා; කැබලි කරනවා (සං. පාටන පා. ඵාලෙති)

පළමු

වි. මුල්; පළමු වන (පා. පඨම)

පළල

නා. පළල්; දිග පැත්තට විරුද්ධ පැත්ත (පා. පුථුල සං. පෘථුල)

පළහ

නා.ප්‍ර. ගොටුව; පුටය/ පටහ බෙරය (පා. පටහ)

පළාත

නා. රටක පරිපාලන පහසුව සඳහා වෙන් කළ භූමි ප්‍රදේශය/ අවට ප්‍රදේශය/ විශාල භූමි ප්‍රදේශය

පළි ගන්නවා

ක්‍රි. කළ වරදකට වරදකින් ම පිළිතුරු දෙනවා

පළිඟ

නා.ප්‍ර. විනිවිද පෙනෙන තිරිවාණා ගල් විශේෂයක් (ප්‍රා. ඵටිග සං. ස්ඵටික)

පළිබෝධය

නා. පලිබෝධය

පළිය

නා. වරදට වරද කිරීම/ අලාභය; වන්දිය (දෙ. பழி)

පළිරෝධ

නා.ප්‍ර. හිරිහැරය/ චෝදනාව (සං. පරිරොධ)

පළුව

නා. දෙකට පැළුෑ කොටස; අර්ධය (පා. ඵාල)

ප්ලවංගම

වි. පැන පැන යන (සං. ප්ලවංගම)

ප්ලවය

නා. නැව/ බෝයාව/ පීනන සතුන්ගේ මස් (සං. ප්ලව)

ප්ලවාංග

වි. පත්ලට නො ඇලී ජලයෙහි පාවෙමින් පවතින

ප්ලාස්මය

නා. ලේ, වසා, කිරි ආදියෙහි ඇති වර්ණ රහිත ද්‍රව කොටස (ඉං. plasma)

ප්ලුතය

නා. මාත්‍රා දෙකකට වඩා දීර්ඝ වූ ප්‍රාණාක්ෂරය (සං. ප්ලුත)

ප්ලුෂ්ට

වි. දැවුණු; පිලිස්සුණු (සං. ප්ලුෂ්ට)

ප්‍රකට

වි. පැහැදිලි/ ප්‍රසිද්ධ (සං. ප්‍රකට)

ප්‍රකම්පනය

නා. මහත් සේ කම්පනයට පත්වීම (සං. ප්‍රකම්පන)

ප්‍රකරණය

නා. ග්‍රන්ථය/ පිටකයක කොටස/ නාට්‍ය විශේෂයක නාමය (සං. ප්‍රකරණ)

ප්‍රකර්ෂය

නා. විශේෂ ලක්ෂණය/ උතුම් බව; ශ්‍රේෂ්ඨත්වය (සං. ප්‍රකර්ෂ)

ප්‍රකල්පනය

නා. තීරණාත්මක ලෙස කල්පනා කිරීම; ස්ථිර නිගමනය (සං. ප්‍රකල්පන)

ප්‍රක්ෂිප්ත

වි. දමන ලද; බහාලන ලද/ විසි කරන ලද/ නියම වූ (සං. ප්‍රක්‍ෂිප්ත)