අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 194
පසඟුල්
නා.ප්‍ර. අතෙහි ඇඟිලි පසෙහි සලකුණ/අඟල් පහ
පසළොස්වක
වි. චන්ද්‍ර මාසයේ පුර පක්ෂයට අයත් පසළොස්වක තිථිය; මැදි පොහෝ දින
පස් වණක් ප්‍රීතිය
නා. ක්ෂණික, ඛුද්දක, උද්වේග, ඔක්කන්තික සහ ඵරණ යන පංචවිධ සන්තෝෂය (පා. පඤ්චවණ්ණපීති)
පස්ගෝරස
නා.ප්‍ර. ගවයන්ගෙන් ලබා ගන්නා කිරි, දී, ගිතෙල්, මෝරු හා වෙඬරු
පස්තෑල
නා.ප්‍ර. කැවිලි වර්ගයක්; පැටිස් (පුර්. pastel)
පස්මහ බැලුම්
නා.බහු. කාලය, දීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ; පංච මහා විලෝකන (පා. පඤ්චමහාවිලොකන)
පසිදු
වි. ප්‍රසිද්ධ; ප්‍රකට (සං. ප්‍රසිද්ධ)
පසිඳනවා
ක්‍රි. විසඳනවා; සංසිඳනවා/ පහ කරනවා (පා. පච්ඡින්දති)
පසුතලය
නා. යමකට පසුබිම් වන දෙය; පසුබිම
පසුතැවිල්ල
නා. පශ්චාත්තාපය
පසුරු
1. නා.බහු. පාරු විශේෂයක්; පහුර (පා. පච්චරි) 2. සත්ත්ව පාදයක නියපොතු සමූහය/ මල පුඩුව/ බුලත් වැනි වැල්වල පුරුක්හි හට ගන්නා සිහින් මුල් සමූහය (පා. පඤ්ජලි)
පසුවදන
නා. ලේඛනයක අගට එකතු කරන විස්තරය
පහණ
නා. පාෂාණ; ගල (පා. පාසාණ සං. පාෂාණ)
පහන
1. නා.ප්‍ර. ප්‍රදීපය/ උදය; ප්‍රභාතය 2. පැහැදීම; ප්‍රසන්න බව (පා. පසන්න සං. ප්‍රසන්න)
පහන් කණුව
නා. ප්‍රදීපස්තම්භය
පහන් සිළ
නා. පහනක දැල්ල
පහන් සිළුව
නා. පහන් දැල්ල; පහන් සිළ
පහරනවා
1. ක්‍රි. මලපහ කරනවා/ විහිදනවා (පා. පසාරෙති) 2. පහර දෙනවා/ ස්පර්ශ කරනවා/ රිදවනවා/ කොල්ලකනවා (පා. පහරති සං. පහරති)
පහළ
1. වි. ප්‍රසිද්ධ/ හටගත්/ අඩු (පා. පාකට) 2. යට/ පහත් 3. ඉවත් කළ (සං. ප්‍රහත)
පහළ වෙනවා
ක්‍රි. ඉබේ ඇති වෙනවා; ප්රාදුර්භූත වෙනවා
පහළව
නා. එනම් සංඛ්‍යාව; පසළොස
පහිණිපත
නා. ආවතේව; මෙහෙවර/ හසුන්පත්
පළ
වි. පැතිරුණු; ප්‍රකට (පා. පාකට සං. ප්‍රකට) නා.ප්‍ර. ස්ථානය; තැන
පළ කරනවා
ක්‍රි. ප්‍රකට කරනවා/ නියම කරනවා (පා. පාකට සං. ප්‍රකට)