ප්‍රක්ෂේපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නෙරා සිටින දෙය හෝ කොටස ; පිටතට පන්නන දෙය හෝ පැන්නුම.
2. පිළිබිඹු කිරීම ; ගෙනහැර දැක්වීම ; ප්‍රදර්ශනය කිරීම.
3. නියම කිරීම ; ආරෝපණය කිරීම.
4. (භූගෝ.) පෘථිවිය වැනි ගෝලාකාර පෘෂ්ඨයක පවතින නොහොත් කල්පිත දෑ සිතියමක් වැනි තල පෘෂ්ඨයක සලකුණු කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිබිඹු කිරීම/ නියම කිරීම; ආරෝපණය කිරීම (සං. ප්‍රක්‍ෂෙපණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. projection