සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1022

ප්‍රකල්පිත

වි. පිළියෙළ කළ; කල්පනා කළ ; යෝජනා කරන ලද.

ප්‍රකල්පිතය

නා. අදහස් කරන ලද වැඩ පිළිවෙළ ; යෝජනා ක්‍රමය ; උපක්‍රමය.

ප්‍රක්ෂාලක

1. වි. සේදීම කරන්නා වූ ; පිරිසිදු කරන.
2. පාකර හරින.

ප්‍රක්ෂාලකය

නා. සේදීම ; ධෝවනය ; දෙවුම.

ප්‍රක්ෂිප්ත

1. වි. දමන ලද ; දැමූ ; බහාලන ලද.
2. විසි කරන ලද ; ඉවත දැමූ.
3. නියම වූ ; තීන්දු කළා වූ ; තීරණය වූ.
නා.ප්‍ර. තුවක්කු ආදි යමකින් විදිනු ලබන හෙවත් විසි කරනු ලබන වස්තුව.

ප්‍රක්ෂේප

වි. දැමූ ; බහන ලද්දා වූ.

ප්‍රක්ෂේප කරනවා

1. ක්‍රි. බහාලනවා ; දමනවා ; ඇතුළු කරනවා.
2. ඇති කරනවා ; තැන්පත් කරනවා.
3. නෙරා සිටීමට සලස්වනවා ; පිටතට පන්නනවා.

ප්‍රක්ෂේපණ ලත්තෑරුම

(පාරිභා.) නා. චිත්‍ර සිතුවම් ආදිය ආලෝක කිරණ මගින් පෙන්වීමට උපයෝගි කරගන්නා ලාම්පු වර්ගය ; කාච දෙකකින් යුත් ලාම්පු වර්ගය ; චිත්‍ර දර්ශන ලත්තෑරුම.

ප්‍රක්ෂේපණය

1. නා. නෙරා සිටින දෙය හෝ කොටස ; පිටතට පන්නන දෙය හෝ පැන්නුම.
2. පිළිබිඹු කිරීම ; ගෙනහැර දැක්වීම ; ප්‍රදර්ශනය කිරීම.
3. නියම කිරීම ; ආරෝපණය කිරීම.
4. (භූගෝ.) පෘථිවිය වැනි ගෝලාකාර පෘෂ්ඨයක පවතින නොහොත් කල්පිත දෑ සිතියමක් වැනි තල පෘෂ්ඨයක සලකුණු කිරීම.

ප්‍රක්‍රමණය

(පාරිභා.) නා. (භූගෝ.) අනුක්‍රමයෙන් වෙනස් වීම.

ප්‍රක්‍රමය

1. නා. ප්‍රකාරය ; ආකාරය ; ක්‍රමය.
2. ආරම්භය ; පටන්ගැන්ම.

ප්‍රක්‍රියාව

1. නා. (ව්‍යාක.) පද සිද්ධිය ; ව්‍යාකරණය ; ව්‍යාකරණයේ මූලික හඳුන්වාදීම ; නිරුක්ති ඝටනාව ; අධිකාරය.
2. ක්‍රියා මාර්ගය ; පිළිවෙළ.
3. වෙදකම ; චිකිත්සාව.

ප්‍රකාණ්ඩ

වි. ප්‍රශස්ත ; ශ්‍රේෂ්ඨ ; අති උසස්.

ප්‍රකාණ්ඩය

නා. ගසක හෝ වැලක මුල සිට අතු දක්වා ඇති කඳ කොටස ; අත්ත.

ප්‍රකාර

වි. වැනි ; සමාන වූ ; අයුරු ; ආකාර.

ප්‍රකාරය

1. නා. ආකාරය ; විධිය ; හැඩය ; ක්‍රමය ; විලාසය.
2. ප්‍රභේදය ; කොටස ; ගණන.
3. නිර්මාණය ; හැඩරුව ; මෝස්තරය.

ප්‍රකාශ

නා.ප්‍ර. තඹ සහ ටින් මිශ්‍රණයෙන් සෑදෙන ලෝකඩ ; ලෝහය.

ප්‍රකාශ අග්නිමානය

(පාරිභා.) නා. (භෞති.) විකිරණයේ වර්ණය අනුසාරයෙන් උෂ්ණත්වය මැනීමේ උපකරණයක්.

ප්‍රකාශ අවධි ප්‍රතිචාරය

(පාරිභා.) නා. (උද්භි.) රැයෙහි හෝ දවාලෙහි සාපේක්ෂ දිග අනුව ශාකයක් දක්වන ප්‍රතිචාරය ; ප්‍රකාශාවර්තිතාව.

ප්‍රකාශ උත්ප්‍රේරණය

(පාරිභා.) නා. (රසා.) රසායනික ප්‍රතික්‍රියාවක් ආලෝකය හේතු කොට ගෙන ඉක්මන්වීම හෝ මන්දනය වීම.

ප්‍රකාශ කරනවා

1. ක්‍රි. කියනවා ; පවසනවා.
2. ප්‍රකට කරනවා ; හෙළි කරනවා.
3. පොත්පත් ආදිය ප්‍රකාශයට පත් කරනවා.
4. ප්‍රචාරය කරනවා.
5. (නීති.) ඒකාන්ත කොට කියනවා ; ස්ථිර ලෙස හෝ සහතික ලෙස කියනවා ; දැඩිලෙස සහතික කොට කියා සිටිනවා.
7. විස්තර කර දක්වනවා.
8. (නීති.) තීන්දුවක් හෝ මතයක් දක්වනවා.

ප්‍රකාශ කෝෂය

(පාරිභා.) නා. (භෞති.) ආලෝකය පතිත වීමෙන් විද්‍යුත් ස්වභාවයේ වෙනසක් ඇති කරන ඕනෑම මෙවලමක් ; ආලෝකය පතිත වූ කල විද්‍යුත්ධාරාවක් උපදවන උපක්‍රමය ; ප්‍රකාශ නළය.

ප්‍රකාශ ජනක

(පාරිභා.) වි. (ජීව.) ආලෝකය නිකුත් කරන ; ප්‍රභාජනක.

ප්‍රකාශ තානය

(පාරිභා.) නා. (උද්භි.) ආලෝකය සෑහෙන ප්‍රමාණයක් ලැබීම නිසා උත්තේජනයකට අනුකූලත්වය දැක්වීමට හැකි පත්‍රයක ඇති ස්වභාවය.