සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1023
ප්රකාශ පත්රය
1. නා. වැදගත් යම් කිසිවක් ප්රකාශ කිරීමට ලියන ලියවිල්ල.
2. විශේෂ බලයක් සඳහා දෙන ලද නීත්යනුකූල ලියවිල්ල.
ප්රකාශ ප්රේරිත
(පාරිභා.) වි. (සත්ව.) ආලෝකයෙන් උත්තේජනය වන.
ප්රකාශ මාධ්යය
(පාරිභා.) නා. (භෞති.) යම් ක්රියාමාර්ගයක් සඳහා ආලෝකය සාධනය කර ගැනීම.
ප්රකාශ මායාව
(පාරිභා.) නා. (භෞති.) දුටු දේ ගැන ඇති වන මුළාව ; දෘෂ්ටි මායාව.
ප්රකාශ විද්යාව
(පාරිභා.) නා. (භෞති.) ආලෝකය පිළිබඳ විද්යාව ; ආලෝක විද්යාව ; දෘෂ්ටි විද්යාව.
ප්රකාශ ශක්තිය
(පාරිභා.) නා. (භෞති.) ආලෝකය හේතු කොටගෙන නිපැදෙන ශක්තිය ; ප්රදීපන ශක්තිය.
ප්රකාශ සංවේදිතාව
(පාරිභා.) නා. 1. (උද්භි.) ප්රකාශතානය.
2. (රසා.) දෘශ්ය හෝ අදෘශ්ය හෝ ආලෝකයට දක්වන සංවේදිතාව.
ප්රකාශ සංශ්ලේෂණය
(පාරිභා.) නා. (උද්භි.) හරිත ශාක හිරු එළියේ දී වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩත්, පසේ ජලයත්, කාබෝහයිඩ්රේට හා ඔක්සිජන්වලට හරවන ක්රියාවලිය ; ප්රභාසංශ්ලේෂණය.
ප්රකාශ සක්රීයතාව
(පාරිභා.) නා. (භෞති.) ධ්රුවිත ආලෝකයේ කම්පන තලය භ්රමණය කිරීමට ඇතැම් ද්රව්යවලටත් ඒවායේ ද්රාවණවලටත් ඇති පුළුවන්කම; ප්රකාශ භ්රමණය.
ප්රකාශක අගය
(පාරිභා.) නා. (ගණිත.) විනිමය බිල්පත්රයක සටහන් වී ඇති වටිනාකම ; නියමිත අගය.
ප්රකාශක යන්ත්රය
නා. දත යුත්ත පැහැදිලි ලෙස සටහන් කර දක්වන යන්ත්රය ; වේගය ආදිය දක්වන යන්ත්රය.
ප්රකාශකයා
1. නා. යම් දෙයක් ගැන හෝ තමා ගැන හෝ දන්නා දේ කියා සිටින්නා ; ප්රකාශයක් කරන්නා.
2. (නීති.) ප්රසිද්ධියේ හෝ නො වළහා කියන්නා.
3. ස්ථිර ලෙස කියන්නා.
4. දැන්වීමක් පළ කිරීමට හඬ නගා කියන්නා.
5. පොත්පත් ආදිය මුද්රණයෙන් ප්රසිද්ධ කරන්නා.
ප්රකාශකාමී
(පාරිභා.) වි. (උද්භි.) ආලෝකයට කැමති ; ආලෝකය රුචි කරන.
ප්රකාශද
නා.ප්ර. (රසා.) රසායනික මූල ධාතුවක් ; ෆොස්ෆරස්.
ප්රකාශන අයිතිය
(පාරිභා.) නා. පොත්පත් සඟරා ආදි මුද්රණයෙන් ප්රකාශයට පත් කිරීමේ අයිතිය ; ප්රකාශනාධිකාරය.
ප්රකාශන මාධ්යය
නා. හැඟීම් හෝ අදහස් අනාවරණය කිරීමේ ක්රියාමාර්ගය.
ප්රකාශනය
1. නා. මැනවින් ඉදිරිපත් කිරීම ; දන්වා සිටීම; ප්රසිද්ධ කිරීම ; ප්රකාශ කිරීම ; ප්රකට කිරීම ; එළිදරවු කිරීම ; අනාවරණය.
2. දීප්තිමත් කිරීම ; ආලෝකවත් කිරීම.
3. තනි සංඛ්යාව හෝ සංඛ්යා කීපයක් – ධන සහ සෘණ ලකුණුවලින් සම්බන්ධ කිරීමෙන් ලැබෙන සංඛ්යාව.
5. පොත්පත් මුද්රණය කොට ප්රසිද්ධ කිරීම.
6. (දර්ශන) පැහැදිලි කිරීම ; විභාවනය.
ප්රකාශමාන
1. වි. දීප්තිමත් ජ්යෝතිමත්.
2. ප්රසිද්ධ ; ප්රකට.
ප්රකාශමානය
(පාරිභා.) නා. (භෞති.) ප්රභව දෙකක ආලෝකයේ තීව්රතා සැසඳීමේ උපකරණයක් ; දීප්තිමානය ; ආලෝකමාන යන්ත්රය ; ප්රභාමානය ; ෆොටෝ මීටරය.
ප්රකාශය
1. නා. යම් සිද්ධියක් හෝ කරුණක් ගැන කියන දේ; නිවේදනය ; කියමන.
2. හෙළි කිරීම; ප්රසිද්ධිය ; ප්රසිද්ධ කිරීම.
3. (ක්රිස්ති.) මෝක්ෂ ලත් ශරීරයට ඇති චතුර්විධ ප්රසාදවලින් දෙවැන්න ; මෝක්ෂ තේජස.
4. ආලෝකය.
5. (ගණිත.) පැහැදිලි ලෙස දැක්වීම; නිරූපණය කිරීම.
6. ( නීති.) දැඩි ලෙස හෝ සහතික කොට කියා සිටීම.
7. (නීති) ප්රසිද්ධියේ හෝ නොවළහා කියා සිටීම.
8. අව්ව ; හිරු එළිය.
ප්රකාශ්ය
1. වි. (ගණිත.) ප්රකාශනයක් කළ හැකි.
2. කියවෙන; ප්රකාශවන.
ප්රකාශිත
1. වි. කියවුණ ; පවසන ලද.
2. ප්රකට ; ප්රසිද්ධ.
3. (ගණිත.) ප්රත්යක්ෂ ; නිශ්චිත ; පැහැදිලි.
ප්රකිරණය
(පාරිභා.) නා. (භෞති.) සීසීකඩ වීසි කිරීම.
ප්රකීර්ණ
වි. විවිධ ; සංකීර්ණ ; මිශ්ර.