සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1024
ප්රකීර්ණකය
1. නා. නොයෙක් වර්ගවලින් සම්මිශ්‍රණය වූ බව ; සංකීර්ණ බව ; විසිරුණු ස්වභාවය.
2. සෙමෙර වලිගය.
ප්රකීර්තිත
වි. ප්‍රසිද්ධ කරන ලද ; පළ වූ ; කීර්තිමත්.
ප්‍රකීර්තිය
නා. යසස ; උසස් වූ ගුණ කථනය.
ප්රකුංචනය
(පාරිභා.) නා. ඇඹරීමෙන් ඇදීම ; කරකවමින් ඇදීම ; වලිකැවීම.
ප්රකුපිත
වි. කිපුණු ; ප්‍රකෝප වූ.
ප්රකෘත
වි. මනා සේ සකස් කළ ; සම්පූර්ණ වූ.
ප්‍රකෘති
(පාරිභා.) වි. 1. ස්වභාවයෙන්ම වන ; ස්වභාවික.
2. මුල් වූ ; පළමු වූ.
ප්‍රකෘති ආලෝකය
(පාරිභා.) නා. (දර්ශන.) මධ්‍යකාලීන දර්ශනයෙහි හා දේව ධර්මයෙහි දැක්වෙන දේව ශ්රැතියට බැහැර වූ සාමාන්‍ය මානව විචාර ශක්තිය.
ප්‍රකෘති ගතිය
1. නා. ස්වාභාවික ගමන ; පයින් යෑම ; පියෙවි ගමන.
2. (සත්ත්වයන්ට) විශේෂයෙන් මනුෂ්‍යයන්ට ස්වභාවයෙන් ම පහළ වන හැසිරීම් ආදිය.
ප්‍රකෘති ජගත්
නා.ප්‍ර. ස්වාභාවික ලෝකය ; පියෙවි ලොව.
ප්‍රකෘති රූපය
1. නා. මුල් ආකාරය ; ස්වාභාවික ශරීරාකාරය ; මුල් වේෂය.
2. මුල් චිත්‍ර සටහන ; මුලින් ඇඳි රූ සටහන.
3. (ව්‍යාක.) පදයක මුල් ස්වභාවය ; ප්‍රකෘතිය ; පියෙවිය ; විභක්ති ප්‍රත්‍ය ආදිය ගැනීමට පෙර පදවල මුල් ස්වභාවය.
ප්‍රකෘතිභාවය
1. නා. යමක වෙනස් නොකළ හැකි මුල් තත්ත්වය ; ස්වාභාවික තත්ත්වය ; ස්වභාවය ; ස්වාභාවික මානසික තත්ත්වය.
2. දේශපාලන සංවිධානයක් හෝ ආණ්ඩුවක් හෝ නොපවතින කල ඇති වන මිනිසාගේ තත්ත්වය.
ප්‍රකෘතිමත්
වි. පියෙවි ගතියෙන් යුත් ; පළමු ආකාරයෙන් යුතු.
ප්‍රකෘතිමත් කරනවා
ක්‍රි. මුල් තත්ත්වයට පමුණුවනවා ; නැවත මුල් ආකාරයට හරවනවා.
ප්‍රකෘතිය
1. නා. සැබෑ තත්ත්වය ; ස්වභාව ගතිය ; මුල් ස්වභාවය.
2. ස්වභාව ධර්මය.
2. මුලින් වූ තත්ත්වය ; මූලය ; හේතුව.
3. (ව්‍යාක.) විභක්ති ප්‍රත්‍යය ආදිය එක්වීමට පළමු පදවල මුල් ස්වභාවය ; නාම ආඛ්යාතාදියෙහි මූල රූප ; පියෙවිය.
ප්‍රකෘතිවාදය
නා. ලෝකයේ මූල භෞතික තත්ත්වයෙකැයි පිළිගැනීමේ මතය ; යථාර්ථවාදය ; භෞතිකවාදය.
ප්රකෘෂ්ට
වි. ඉතා උසස් ; අතිශයින් ශ්‍රේෂ්ඨ ; මාහැඟි.
ප්‍රකෝපය
නා. අධික කෝපය ; තදින් කිපීම ; කලබලය ; ඇවිස්සීම ; කැලඹීම.
ප්‍රකෝෂ්ඨය
1. නා. අතේ වැලමිටත් මැණික් කටුවටත් අතර කොටස ; බාහුව.
2. මිදුල ; මාලිගයක ගේට්ටුව අසල මිදුල හෝ මැද මිදුල.
ප්‍රඛ්‍යාත
1. වි. ප්‍රසිද්ධ ; හැමදෙන දන්නා ; පතළ වූ ; කීර්තිමත් වූ.
2. ප්‍රසන්න වූ ; වාසනාවන්ත.
ප්‍රගති විද්‍යාව
(පාරිභා.) නා. (භෞති.) බලය ගැන නොසලකා චලිතය ගැන හදාරන විද්‍යාව.
ප්‍රගතිය
නා. ඉදිරිගමන ; දියුණුව ; වර්ධනය ; ඉදිරියට යන ස්වභාවය.
ප්රගතිශීලි
වි. ඉදිරියට යන-සුලු ; දියුණුවන ස්වභාවයෙන් යුතු ; ප්‍රගමනශීලි.
ප්රගමනය
1. නා. ඉදිරියට යෑම ; පෙරට ඇදී යෑම.
2. ප්‍රගතිය.