සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1025

ප්‍රගල්හ

1. වි. බුහුටි ; දක්ෂ.
2. උසස් ; දැඩි ; බලවත්.
3. ගරුසරු නැති.
4. නිර්භීත ; ධෛර්යවත්.

ප්‍රග්‍රහය

1. නා. දැඩි ලෙස අල්ලා ගැනීම ; තදින් ග්‍රහණය කිරීම.
2. අසකු පිට නැඟී යාමේදී අසු හසුරුවා ගැනීමට අල්ලා ගන්නා පටිය ; කටකලියාව ; රේන්ස් පටිය.
4. උත්සාහය.

ප්‍රගාමී

වි. ඉදිරියට යන ; දියුණු වන ; ප්‍රගතිශීලි.

ප්‍රගීතය

නා. මිහිරි ගීය ; කන්කලු ගීය ; මධුර ගීය ; උසස් ගීතය.

ප්‍රගුණ

වි. පුහුණු වූ ; පුරුදු කළ.

ප්‍රගුණ කරනවා

1. ක්‍රි. පුහුණු කරනවා ; පුරුදු කරනවා.
2. වැඩි දියුණු කරනවා ; වර්ධනය කරනවා.

ප්‍රගුණනය

1. නා. (සත්ව.) ඇමීබා ආදින්ගේ ශරීරය නැවත නැවත බෙදී වැඩීයාම ; දෙගුණ තෙගුණ ආදි වශයෙන් වෙන් වෙවී ජීවීන් පහළ වීම.
2. (ශාරී.) නැවත නැවත පුහුණුව ලැබීම ; අනුක්‍රමයෙන් පුරුදු ලබා ගැනීම.

ප්‍රචණ්ඩ

වි. ඉතා සැඩ ; අතිශයින් දරුණු ; ඉතා නපුරු ; බොහෝ රෞද්‍ර.

ප්‍රචල

වි. තදින් සැලෙන ; බොහෝ චංචල.

ප්‍රචලිත

1. වි. අතිශයින් කම්පිත ; මහත් සේ සැලුණු ; තදින් සෙලවුණු.
2. ප්‍රසිද්ධ වූ ; ප්‍රචාරය වූ ; ප්‍රකට ; පැතුරුණු.

ප්‍රච්ඡද

වි. වැසුණු ; ආවරණය වුණු ; ප්‍රතිච්ඡන්න.

ප්‍රච්ඡන්න

1. වි. වැසුණු ; සැඟවුණු ; ආවරණය වූ ; පිහිත ; යටපත්.
2. ගැවසුණු ; සමාකීර්ණ.
3. රහස් ; ගුප්ත ; අප්‍රකට.

ප්‍රච්ඡන්නය

1. නා. රහස්දොර ; ගුප්ත ද්වාරය.
2. ගරාදිය ; ගරාදි කවුළුව.
3. කුඩා දොරටුව ; කුරුබිලිය.

ප්‍රච්ඡාදනය

1. නා. වැසීම ; ආවරණය කිරීම ; වසාලීම.
2. වැසීමට ගන්නා දෙය ; සළුව ; වස්ත්‍රය ; ප්‍රාවරණය.

ප්‍රච්ඡින්න

වි. සිඳින ලද ; කපන ලද ; සුනු කරන ලද ; බිඳ හරින ලද ; කැඩුණු ; ඉරුණු.

ප්‍රච්ඡේදනය

නා. කැබලි කිරීම ; සිඳීම ; පොඩි කිරීම.

ප්‍රච්‍යුත

1. වි. වෙන් වුණු ; මිදුණු ; ගිලිහුණු.
2. චුත වුණු ; හුන් තත්ත්වයෙන් ගිලිහුණු.
3. වෙන් වුණු ; අහක් වුණු ; අන් අතකට හැරුණු.

ප්‍රචාරක

වි. ප්‍රසිද්ධ කරන ; පතුරුවා හරින ; තොරතුරු විසුරුවා හරින.

ප්‍රචාරක සෛලය

නා. (සත්ව.) ජනක සෛලයකින් වෙන් වී අලුත් සෛලයක් වසයෙන් වැඩෙන කුඩා සෛලය.

ප්‍රචාරකයා

නා. ප්‍රසිද්ධ කරන්නා ; පතුරුවන්නා ; පතළ කරන්නා ; ප්‍රචාරය කරන තැනැත්තා.

ප්‍රචාරණය

1. නා. ප්‍රසිද්ධ කිරීම ; ප්‍රචාරය කිරීම ; පතළ කිරීම ; පැතිරවීම.
2. (උද්භි.) වර්ධක මාර්ගවලින් ශාක සංඛ්‍යාව බෝ වීම.

ප්‍රචාරය

1. නා. ප්‍රසිද්ධ කිරීම ; පතළ කිරීම ; පැතිරවීම ; විහිදුවීම.
2. යෙදීම ; යෙදුම.

ප්‍රචාලක

වි. (භෞති.) පදවන ; යාත්‍රා කරන ; පෙරට තල්ලු කරන ; ඉදිරියට ගමන් කරවන.

ප්‍රචුර

1. වි. මහත් ; බලවත් ; තදබල.
2. උතුම් ; මහඟු ; ශ්‍රේෂ්ඨ.
3. අධික වශයෙන් ඇති ; බහුල ; බොහෝ ; ප්‍රචලිත.
4. නිතර නිතර සිදුවන ; බොහෝ සෙයින් ඇතිවන.