සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1026
ප්රචූෂික මූල
නා.ප්ර. (උද්භි.) වාතයෙහි ඇති ජල වාෂ්ප උරාගැනීම සඳහා විශේෂයෙන් උඩවැඩියා වර්ගවල සහ තවත් ඇතැම් උද්භිද විශේෂවල පුරුක්වලින් ඇදෙන මුල් විශේෂය.
ප්රචෝදනය
නා. නියම කිරීම; නිර්දේශ කිරීම ; මෙහෙයවීම.
ප්රජතු
නා.ප්ර. ඉතා දැඩිවූ ද, කාබන් අධික වූ ද අතිශය දීප්තියෙන් දැවීමේ දී දුමාරයක් නොනගින්නාවූ ද, එනිසා උසස් ම වර්ගයට අයත් ගල් අඟුරු විශේෂය.
ප්රජනක
වි. හටගන්වන ස්වභාවයෙන් යුත් ; පරම්පරාවෙන් බෝ කරවන සුලු ; උත්පාදනශීලි ; ප්රජනනය පිළිබඳ.
ප්රජනක අවයවය
නා. (ජීව.) සත්ත්වයකුගේ හෝ පැලෑටියක වර්ග පරම්පරාව බෝ කිරීම සඳහා උපයෝගී වන කවර හෝ අංග-ප්රත්යංගයක් ; ජනනය සඳහා උපයෝගී වන අවයවය.
ප්රජනක ඉන්ද්රියය
නා. (සත්ව.) ඉපදවීමේ ඉන්ද්රියය ; උත්පාදක අවයවය ; ශුක්රාණු හෝ ඩිම්බ නිපදවන ශරීරාංගය ; ලිංග ග්රන්ථිය ; ඩිම්බ කෝෂය හෝ වෘෂණය ; ජනනේන්ද්රිය.
ප්රජනක පද්ධතිය
(පාරිභා.) නා. පුං-ස්ත්රී දෙපක්ෂයේ ම ජීවීන්ගේ ප්රජනනය සඳහා අදාළ ඉන්ද්රිය ප්රණාලිය ; පිරිමියකුගේ නම් වෘෂණය, ශිෂ්ණය, ශුක්ර ආශයිකාව, පුරඃස්ථ ග්රන්ථිය යන ඉන්ද්රිය පද්ධතිය ; ගැහැණියකගේ නම් ගර්භාෂය, ඩිම්බකෝෂය, ගර්භාශයික නාල, යෝනිය, භගමණිය, බහිර්භගය යන ඉන්ද්රිය පද්ධතිය.
ප්රජනක විවරය
නා. (සත්ව.) ස්ත්රී ලිංගේන්ද්රියයෙහි ඇති ප්රජනන කාර්ය සම්බන්ධී කවාටය ; යෝනි මාර්ගය ; යෝනි විවරය.
ප්රජනක සෛලය
නා. කෙනෙකුගේ ලිංග සෛලයක් ස්ව වර්ගයේ ප්රතිවිරුද්ධ ලිංගිකයකුගේ ලිංග සෛලයක් සමඟ එක්වීමෙන් සෑදෙන සෛලය.
ප්රජනන අවස්ථාව
නා. ගැබ් දැරීමට, පල දැරීමට හෝ මුල් ඇදීමට සුදුසු කාලය ; වර්ගයා බෝ කිරීමට හිතකර කාලසීමාව.
ප්රජනනය
(පාරිභා.) නා. (ජීව.) 1. ජනිත කරවීම ; ජීවත්වන සත්ත්වයකුගෙන් හෝ ශාකයකින් නව සත්වයන් හෝ ශාක ප්රභවකිරීම ; ජීවියෙකුගෙන් එම වර්ගයේම අලුත් ජීවීන් හට ගැනීම ; උත්පාදනය.
2. දරු මුණුබුරු ආදි තම පරපුර ; ස්ව වංශය.
ප්රජනනේන්ද්රියය
නා. ඉපදවීමේ ඉන්ද්රියය ; උත්පාදන අවයවය ; ශුක්රාණු හෝ ඩිම්බ සෑදෙන ස්ථානය වන්නා වූ ද ප්රාථමික සෛලවලින් සකස් වන්නා වූ ද පටක සන්තතිය ; ඩිම්බ කෝෂය හෝ වෘෂණය ; ජනනේන්ද්රියය ; ගොනැඩය.
ප්රජවය
නා. වේගය ; වේගවත් බව ; කඩිනම.
ප්රජහන
වි. දුරු කරන ; ඉවත්කරන ; බැහැර කරන.
ප්රජහනය
නා. පැහැර හැරීම ; අත්හැරීම ; දුරු කිරීම.
ප්රජ්වලිත
1. වි. දැල්වුණු ; ඇවිලුණු ; ගිනිගත්.
2. අතිශයින් බැබැළුණු ; දීප්තිමත්.
ප්රජා මණ්ඩලය
නා. ජනතාවගේ ශුභසාධනය සඳහා පිහිටුවා ඇති සංවිධානය.
ප්රජාගරවත්
වි. සෝදිසි කරන සුලු ; පරීක්ෂාකාරී ; අවධානය සහිත.
ප්රජාචාරය
නා. පුරවැසි බවේ අයිතිය හා යුතුකම් පිළිබඳ උගන්වන ශාස්ත්රය ; ප්රජාතන්ත්ර ශික්ෂණය.
ප්රජාතන්ත්රය
නා. ප්රජාව හෙවත් ජනතාව විසින් කරනු ලබන ජනතා පාලනය ; ස්වෛරි බලය ජනතාව සතු කොට ජනතාව විසින් තෝරාගනු ලබන පිරිසක් පාලනය කිරීම.
ප්රජාතන්ත්රවාදියා
නා. ප්රජාතාන්ත්රිය මත දරන්නා ; ප්රජාතන්ත්රවාදි පක්ෂයක සාමාජිකයා.
ප්රජාතිය
නා. (උද්භි.) කුඩා පවුල ; සුළු වර්ගය.
ප්රජාධර්ම
නා.බහු. මනුෂ්යත්වයට හිමි වගකීම් ; මිනිසාට ඇති සමාජීය අයිතිවාසිකම් ; මනුෂ්ය ධර්ම.
ප්රජානක
වි. (දර්ශන.) දැනගැන්ම පිළිබඳ වූ ; ඥානක.