සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1021
ප්ලාවිත
වි. ඉල්පී ; ඉපිලී.
ප්ලාවිතය
1. නා. ග්ලැසියර, ගංගා ආදිය නිසා තැන්පත් වන බුරුල් නිධිය.
2. ජල හෝ හෝ සුළං ප්‍රවාහ නිසා යම් වස්තු පාවී තල්ලුවීම.
ප්ලාස්කුව
(පාරිභා.) නා. උණු ද්‍රව සීතල නොවී තබාගැනීම සඳහා ගන්නා බෝතල් විශේෂයක්.
ප්ලාස්ටික් ශල්‍යකර්මය
(පාරිභා.) නා. අනතුරකට භාජන වී කැඩුණු හෝ දුර්වල තත්ත්වයක තිබෙන ශාරීරික අවයව සඳහා ප්ලාස්ටික් සංයෝගයකින් කරන ලද පටක හෝ අවයව බද්ධ කිරීමේ ශල්‍ය කර්මය.
ප්ලාස්ම පටලය
(පාරිභා.) නා. 1. ඇමීබාවන්ගේ ප්‍රාක්-ප්ලාස්මය වටකොට ඇති තුනී පටලය.
2. ප්රොමෝප්ලාස්ම සෛල භික්තියෙහි වදින තැන්වල ප්‍රාක්-ප්ලාස්මයේ බාහිර සීමාව වෙනස්වීමෙන් සෑදෙන තුනී ස්තරය.
ප්ලාස්මය
(පාරිභා.) නා. ලේවල හෝ වසාවල හෝ කිරිවල පවතින අවර්ණ ද්‍රව කොටස ; ප්ලාස්මාව ; ප්‍රාක්-ප්ලාස්මය.
ප්ලෑන
1. නා. ගොඩනැගිලි ආදිය පිළිබඳ සැලැස්ම.
2. යම්කිසි වැඩක් පිළිබඳ සැලැස්ම.
3. ඉඩමක සතර මායිම් දැක්වෙන සිතියම ; පිඹුර.
ප්ලීහාව
(පාරිභා.) නා. ආමාශයේ අපර හෘදයාසන්න ප්‍රදේශයට කිට්ටුවෙන් පිහිටා තිබෙන තද රතු අවයවය ; පිලාව ; බඩදිව ; ප්ලීහය.
ප්ලුතය
නා. අකුරකට වඩා දීර්ඝව උච්චාරණය වන ප්රාණක්ෂරය ; අති දීර්ඝ ශබ්දය ; මාත්‍රා දෙකකට වඩා දිග නාදය.
ප්ලුෂ්ට
(පාරිභා.) වි. දැවුණු ; පිළිස්සුණු ; පුලුටු.
ප්ලූටියස්
(පාරිභා.) නා.ප්‍ර. ඉකිරියාගේ හෙවත් මූදු බළලාගේ කීට අවස්ථාව.
ප්ලූටෝ
නා.ප්‍ර. සූර්යයාට ඉතා ඈතින් පිහිටි ඒ වටේ ගමන් කරන ග්‍රහලෝකය.
ප්ලූටෝනියම්
නා.ප්‍ර. සැහැල්ලු යුරේනියම් පරමාණුවකට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති පරමාණු වර්ගයක්.
ප්ලූරාව
(පාරිභා.) නා. 1. ඇතැම් කවචයන්ගේ පිටිතලයේ පිහිටි ආංශික නෙරුමක් ; පැති තලය ; ආංශිකය.
2. සන්ධිපාදිකයන්ගේ හෝ දේහ පිණ්ඩයක අංශ භික්තිය.
3. පෙනහැල්ල සහ පපු කුහරය මත වැතිරී ඇති සියුම් වස්තු පටලය.
ප්ලෙකොප්ටෙරා
(පාරිභා.) නා.ප්‍ර. ගල්මැස්සන් ඇතුළත් කෘමි ගෝත්‍රය.
ප්ලෝෂණය
නා. රත් කළ යකඩයක් හෝ දාහකයක් යොදා ශරීරයෙහි නරක් වූ කිසියම් පටකයක් පිළිස්සීම.
ප්‍ර
උ. සිංහලයෙහි ද තත්සම වසයෙන් යෙදෙන සංස්කෘත උපසර්ගයක්.
ප්‍රකට
1. වි. පැහැදිලි ; මනා සේ දැක්ක හැකි ; ස්පෘෂ්ට.
2. ප්‍රසිද්ධ ; කවුරුනුත් දන්නා ; ලෝ පතළ.
ප්රකටිත
වි. ප්‍රසිද්ධ කළ ; පතල කළ ; ප්‍රකාශයට පත් ; ප්‍රකට කළ.
ප්‍රකම්පනය
නා. මහත් සේ චංචලවීම ; තදින් වෙවුලා යාම ; බොහෝ සෙයින් සැලීම.
ප්‍රකරණය
1. නා. ග්‍රන්ථය ; පොත.
2. ග්රන්ථ අංශය ; පිටකයක කොටස ; විශේෂයෙන් අභිධර්මයේ ග්‍රන්ථයක කොටස.
3. නාට්‍ය විශේෂයක්.
4. මාතෘකාව ; මූලාශ්‍රය ; ගළපා එක් කළ දෙය.
ප්රකරය
නා. රාශිය ; සමූහය ; පොකුර.
ප්රකර්ෂ
1. වි. අධික ; බොහෝ ; අතිශය ; වේගවත් ; උත්කර්ෂවත්.
2. විශේෂ ; වැදගත් ; අන්තිම ; අවසාන.
ප්‍රකල්පනය
නා. තීරණාත්මක ලෙස කල්පනා කිරීම ; මනා සේ තහවුරු කිරීම ; ස්ථිර ලෙස නිගමනය කිරීම.