අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 198
ප්‍රත්‍යුත්තර
නා.ප්‍ර. පිළිතුර (සං. ප්‍රත්‍යුත්තර)
ප්රත්යුත්ථාන
නා.ප්‍ර. ගෞරවය පිණිස ආසනයෙන් නැඟී සිටීම (සං. ප්රත්යුත්ථාන)
ප්රත්යුත්පත්තිය
නා. දරු ප්‍රසූතිය; බෝවීම
ප්‍රත්‍යුත්පන්නය
නා. වර්තමාන කාලය (සං. ප්‍රත්‍යුත්පන්න)
ප්‍රත්‍යුපකාරය
නා. ලැබූ උපකාරයට පෙරළා උපකාර කිරීම (සං. ප්‍රත්‍යුපකාර)
ප්‍රත්‍යුපස්ථාන
නා.ප්‍ර. පිරිසිඳ දැක්ම; අවබෝධය/ සිහිය එළඹ සිටීම/ උපස්ථාන කිරීම (සං. ප්‍රත්‍යුපස්ථාන)
ප්‍රත්‍යේක
වි. තනි; පෞද්ගලික/ තමා විසින් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (බෞ.සං. ප්රත්යෙක)
ප්‍රත්‍යේක බුද්ධ
නා.ප්‍ර. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් නමුත් අනුන්ට අවබෝධ කරවිය නොහැකි බුදුවරයා; පසේබුදු (සං. ප්‍රත්‍යෙකබුද්ධ පා. පච්චෙකබුද්ධ)
ප්‍රතාප
නා.ප්‍ර. තේජස (සං. ප්‍රතාප)
ප්රතිකර්මය
නා. පිළියම (සං. ප්‍රතිකර්ම)
ප්රතික්ෂිප්ත
වි. ප්‍රතික්ෂේප කරන ලද (සං. ප්රතික්ෂිප්ත)
ප්රතික්ෂේපය
නා. යමක් නොපිළිගෙන බැහැර කිරීම; නිෂේධය (සං. ප්රතික්ෂෙප)
ප්‍රතික්‍රමණය
නා. පසු බැසීම/ ග්‍රහයින් වක්‍රවීම
ප්‍රතිකාරය
නා. රෝගයකට කරන පිළියම (සං. ප්‍රතිකාර, ප්‍රතීකාරය)
ප්‍රතිකාල්
වි. පෘතුගාලයට අයත් (පුර්. Portugal)
ප්‍රතිකූල
වි. පිළිකුල්/ එකඟ නොවන; විරුද්ධ (සං. ප්‍රතිකූල පා. පටික්කූල)
ප්‍රතිග්‍රහණය
නා. යමක් පිළිගැනීම/ දානාදිය පිළිගැනීම/ විනිමය බිල්පත (සං. ප්‍රතිග්‍රහණ)
ප්‍රතිග්‍රාහකයා
නා. පිළිගන්නා තැනැත්තා (සං. ප්‍රතිග්‍රාහක)
ප්රතිගාමී
වි. ඉදිරියට නොයන; ප්රගතිශීලී නොවන (සං. ප්රතිගාමී)
ප්රතිගෘහිත
වි. පිළිගන්නා ලද (සං. ප්රතිගෘහීත)
ප්‍රතිඝ
වි. සැඩපරුෂ/ ද්වේෂය මුල් වූ (සං. ප්‍රතිඝ)
ප්‍රතිච්ඡන්න
වි. වැසුණු; ගැවසුණු (සං. ප්‍රතිච්ඡන්න)
ප්‍රතිච්ඡාදනය
නා. වැසීම; මුවහ කිරීම (සං. ප්‍රතිච්ඡාදන)
ප්රතිච්ඡේදනය
නා. චක්‍ර සටහනක සැලසුම් ක්‍රමයක් මගින් දැක්වෙන ස්ථානය