අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 199

ප්‍රතිචාරය

නා. සංවේදයික හැසිරීම; ප්‍රතික්‍රියාව (සං. ප්‍රතිචාර)

ප්‍රතිචීන

වි. බටහිර රටවල් හා සම්බන්ධ; ප්‍රාචීන යන්නෙහි විරුද්ධාර්ථය (සං. ප්‍රතිචීන)

ප්‍රතිජානනය

නා. ඉඳුරා ම දැන ප්‍රකාශ කිරීම (සං. ප්‍රතිජානන)

ප්‍රතිජීවකය

නා. දිලීර හා බැක්ටීරියා ඇසුරින් සාදන බැක්ටීරියා නාශක ද්‍රව්‍ය

ප්‍රතිඥාව

නා. ගිවිසීම; පොරොන්දුව/ පොරොන්දු පත්‍රයකට බැඳීම (සං. ප්‍රතිඥා)

ප්‍රතිදාන

නා.ප්‍ර. යමක් වෙනුවට යමක් ආපසු දීම (සං. ප්‍රතිදාන)

ප්‍රතිදීප්ත පහන

නා. පාරජම්බූල විකිරිණය ආලෝකය බවට පත් කෙරෙන බල්ප විශේෂයක්

ප්‍රතිදේහය

නා. ශරීරයට ඇතුළු වූ විෂ වැනි බාහිර ද්‍රව්‍යයකට එරෙහි ව නිපැදවෙන ද්‍රව්‍යය

ප්‍රතිධ්වනිය

නා. පිළිරැව්; දෝංකාරය (සං. ප්‍රතිධ්වනි)

ප්‍රතිනිධි

නා.ප්‍ර. නියෝජක; ආදේශකය

ප්‍රතිනිර්මාණය

නා. යළි සකස් කර දැක්වීම (සං. ප්‍රතිනිර්මාණ)

ප්‍රතිනිවෘත්ත

වි. ඉවත් කළ

ප්‍රතිපක්ෂය

නා. විරුද්ධ පක්ෂය (සං. ප්‍රතිපක්‍ෂ)

ප්‍රතිපත්තිය

නා. යම් පිළිවෙලක් අනුගමනය කිරීම/ පිළිපැදීම (සං. ප්‍රතිපත්ති)

ප්‍රතිපදාව

නා. පිළිපැදීම (සං. ප්‍රතිපදා)

ප්‍රතිපාදනය

නා. සාදා ගැනීම; පිළියෙල කිරීම; වෙන් කිරීම (සං. ප්‍රතිපාදන)

ප්‍රතිපූරණය

නා. පිරවීම; කරන ලද වියදම් ආපසු ගෙවීම (සං. ප්‍රතිපූරණ)

ප්‍රතිඵලය

නා. ප්‍රයෝජනය/ විපාකය/ යම් ක්‍රියාවක ඇගයීම (සං. ප්‍රතිඵල)

ප්‍රතිබද්ධ

වි. සම්බන්ධ; අයිති (සං. ප්‍රතිබද්ධ)

ප්‍රතිබිම්බය

නා. යමක හැඩය විදහා දැක්වෙන රූපය; ඡායාව (සං. ප්‍රතිබිම්බ)

ප්‍රතිභාගය

නා. සම වන කාරණය/ පසු කොටස/ දීමනාව (සං. ප්‍රතිභාග)

ප්‍රතිභානය

නා. ප්‍රබෝධයට පැමිණෙමින් උපදන ප්‍රඥාව (සං. ප්‍රතිභාන)

ප්‍රතිභාපූර්ණ

වි. අවබෝධ ඥානයෙන් පිරුණු (සං. ප්‍රතිභා+පූර්ණ)

ප්‍රතිභාව

නා. බුද්ධිමය හැකියාව; නිර්මාණ ශක්තිය/ බැබළීම (සං. ප්‍රතිභා)