ප්‍රතිපාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සාදා ගැනීම ; අත්කර ගැනීම ; ඇතිකර ගැනීම.
2. පැවරීම ; බාර කිරීම ; පාවා දීම.
3. ඇති කිරීම ; ඉපිදවීම ; ජනනය.
4. යෙදීම ; යුක්ත කිරීම ; ඇතුළත් කිරීම ; අන්තර්ගත කිරීම.
5. පිළියෙළ කිරීම ; සකස් කිරීම ; සම්පාදනය.
6. තේරුම් ගැනීම ; වටහා ගැනීම
7. දැක්වීම ; නිරූපණය ; උද්දේශ කිරීම.
8. ප්‍රස්තුතයක් ඔප්පු කිරීම සඳහා අදාළ ක්‍රියාවලිය පෙන්නුම් කිරීම; උපපාදනය ; සුවිදර්ශනය.
9. (යම්කිසි කාර්යයක් සඳහා මුදලක්) වෙන් කිරීම ; සැපයීම.
10. අවබෝධ කර ගැනීම ; සාක්ෂාත් කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සාදා ගැනීම; පිළියෙල කිරීම; වෙන් කිරීම (සං. ප්‍රතිපාදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. demonstration
2. Soc. grant
3. intellectualization
4. n. presentation
5. n. provision