අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 200
ප්‍රතිමණ්ඩිත
වි. යුක්ත; සමන්විත/ සෑදුණු; සැරසුණු/ අලංකෘත වූ (සං. ප්‍රතිමණ්ඩිත)
ප්රතිමල්ල
වි. විරුද්ධ; සතුරු/ තරගකාර (සං. ප්රතිමල්ල)
ප්රතිමාඝරය
නා. පිළිම ගෙය (සං. ප්‍රතිමාඝර)
ප්‍රතිමාන
නා.ප්‍ර. සමාන බව (සං. ප්‍රතිමාන)
ප්රතිමානනය
නා. බුහුමන් දැක්වීම; ගරු කිරීම (පා. පටිමානන)
ප්රතිමුඛ
වි. එක එල්ලේ ඉදිරියෙහි වූ; විරුද්ධ පැත්තේ වූ (සං. ප්රතිමුඛ)
ප්‍රතිමූර්තිය
නා. හාත්පසින් සමාන වූ රූපය; ප්‍රතිරූපය (සං. ප්‍රතිමූර්ති)
ප්රතිරක්ෂණය
නා. ආරක්ෂාව; සුරැකීම (සං. ප්රතිරක්ෂණ)
ප්රතිරාවය
නා. දෝංකාරය; පිළිරැව්ව
ප්‍රතිරෝධය
නා. අවහිරය; බාධාව/ විද්‍යුත් ධාරාවක් ගලා යෑමට ඇති කරන බාධාව (සං. ප්‍රතිරොධ)
ප්‍රතිලාභය
නා. ලැබීම; අත්කර ගැනීම (සං. ප්රතිලාභ)
ප්‍රතිලෝම
වි. යථා ක්‍රමයට අනුකූල නොවූ/ අග පටන් මුල දක්වා වන (සං. ප්‍රතිලොම)
ප්රතිවර්තනය
නා. ආපසු හැරීම (සං. ප්රතිවර්තන)
ප්රතිවාදය
නා. පිළිතුර/ විරුද්ධ මතය (සං. ප්රතිවාද)
ප්‍රතිවාදියා
නා. විරුද්ධකාරයා; සතුරා
ප්රතිවිපාකය
නා. යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන විපාකය
ප්‍රතිවිරුද්ධ
වි. එකිනෙකට විරුද්ධ (සං. ප්‍රතිවිරුද්ධ)
ප්රතිවිරෝධ
වි. එකකට එකක් පටහැණි; ප්‍රතිවිරුද්ධ (සං. ප්‍රතිවිරුද්ධ)
ප්‍රතිවේද
නා.ප්‍ර. තේරුම් ගැනීම; අර්ථාවබෝධය/ ප්‍රකාශය (සං. ප්‍රතිවේද)
ප්‍රතිවේධ
නා.ප්‍ර. ලෝකෝත්තර මාර්ගඵලාදියට පැමිණීම (සං. ප්‍රතිවෙධ)
ප්‍රතිශක්තිකරණය
නා. රෝග මර්දන ශක්තිය ඇති කිරීම; එන්නත් ලබාදීම
ප්‍රතිශතය
නා. යම්කිසි ප්‍රමාණයක සියයට ගණන
ප්‍රතිශ්‍යාව
නා. සෙම්ප්‍රතිශ්‍යාව; නාසයේ ශ්ලේෂ්මල පටලයේ ඇති වන ආසාදනයක් (සං. ප්‍රතිශ්‍යා)
ප්‍රතිශෝධනය
නා. නැවත සංශෝධන කිරීම/ පරිශෝධනය