අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 201

ප්‍රතිශෝධිත

වි. නැවත සකස් කරන ලද

ප්‍රතිෂ්ඨා

නා.ප්‍ර. පිහිට/ උපකාරය/ පිහිටුවීම (සං. ප්‍රතිෂ්ඨා)

ප්‍රතිෂ්ඨාපනය

නා. පිහිටුවීම; සංස්ථාපනය/ ආදේශකය (සං. ප්‍රතිෂ්ඨාපන)

ප්‍රතිෂේධ

වි. වළක්වන (සං. ප්‍රතිෂෙධ)

ප්‍රතිසංවිධානය

නා. නැවත නිසි පරිදි පිළියෙල කිරීම; පැවති ක්‍රමය වෙනස් කොට නව මුහුණුවරකින් පිිහිටුවීම

ප්‍රතිසංස්කරණය

නා. අලුත්වැඩියා කිරීම; නැවත සකස් කිරීම (සං. ප්‍රතිසංස්කරණ)

ප්‍රතිසන්ධිය

නා. නැවත ඉපදීම/ පිළිසිඳීම (සං. ප්‍රතිසන්ධි)

ප්‍රතිසම්පාදනය

නා. හිඟ පිරවීම; ආපසු ඇති කිරීම

ප්‍රතිසම්භිදා

නා.ප්‍ර. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන කරුණු පිළිබඳ වූ ඥානය (පා. පටිසම්භිදා සං. ප්‍රතිසම්භිදා)

ප්‍රතිස්ථාපනය

නා. ස්ථිර ව පිිහිටුවීම/ යමක් වෙනුවට අනෙකක් යෙදීම (සං. ප්‍රතිස්ථාපන)

ප්‍රතිහත

වි. වැළැක්වූ; බාධා කළ (සං. ප්‍රතිහත)

ප්‍රතීක්ෂණ

වි. සමාලෝචනය කරන (සං. ප්‍රතීක්‍ෂණ)

ප්‍රතීකාරය

නා. ප්‍රතිකාරය

ප්‍රතීචීන

වි. ප්‍රතිචීන

ප්‍රතීත

වි. ප්‍රසිද්ධ; ප්‍රකට (සං. ප්‍රතීත)

ප්‍රතීතිය

නා. ප්‍රසිද්ධිය/ අවබෝධය (සං. ප්‍රතීති)

ප්‍රතීයමාන

වි. පැහැදිලි; ප්‍රත්‍යක්ෂ/ හැඟෙන; හැඟවෙන

ප්‍රථම

වි. පළමු/ ප්‍රධාන (සං. ප්‍රථම)

ප්‍රථමධ්‍යාන

වි. පළමු වන ධ්‍යානය ලැබූ (පා. පඨමජ්ඣාන)

ප්‍රථමපුරුෂය

නා. ව්‍යාකරණයේ තමන් හා තමන් ඉදිරියේ සිටින්නන් හැර සෙසු අය හඳුන්වන නාමය (සං. ප්‍රථමපුරුෂ)

ප්‍රථමා විභක්තිය

නා. අවසාන ක්‍රියාපදයෙන් උක්ත වන පදය යෙදෙන විභක්තිය (සං. ප්‍රථමා විභක්ති)

ප්‍රථමාධාරය

නා. වෛද්‍යාධාර ලබාදීමට පෙර රෝගියකුට කරන පිළියම/ පළමුවෙන් දෙන වෛද්‍යාධාරය (සං. ප්‍රථම+ආධාර)

ප්‍රථීත

වි. ප්‍රකට; ප්‍රසිද්ධ/ පෙන්නුම් කළ (සං. ප්‍රථීත)

ප්‍රදක්ෂිණාව

නා. පැදකුණු කිරීම/ අනුකූලනය/ ගෞරවය (සං. ප්‍රදක්‍ෂිණ)