අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 202

ප්‍රදර්ශනය

නා. විදහා දැක්වීම/ මහජන දර්ශනය සඳහා යමක් ඉදිරිපත් කිරීම/ නිදර්ශනය; ආදර්ශය (සං. ප්‍රදර්ශන)

ප්‍රද්‍යෝත

වි. බබළන නා.ප්‍ර. පහන (සං. ප්‍රද්‍යොත)

ප්‍රදානය

නා. දානය; පරිත්‍යාගය/ ආයෝජනය/ පිරිනැමීම (සං. ප්‍රදාන)

ප්‍රදාහය

නා. ශරීර පටකයන්හි ඇති වන ව්‍යාධිමය තත්ත්වයක්/ දැවිල්ල (සං. ප්‍රදාහ)

ප්‍රදීපස්තම්භය

නා. පහන් කණුව; පහන් ටැඹ

ප්‍රදීපාගාරය

නා. නැව්වලට මඟපෙන්වීම සඳහා වෙරළේ සවි කළ පහන් කණුව

ප්‍රදේශය

නා. භූමිභාගය; පෙදෙස/ පළාත/ දිසාව (සං. ප්‍රදෙශ)

ප්‍රදේශීය

වි. ප්‍රදේශයට අයත් (සං. ප්‍රදේශීන්)

ප්‍රධන්

1. වි. ප්‍රධාන; ශ්‍රේෂ්ඨ; ප්‍රමුඛ (සං. ප්‍රධාන) 2. කෙලෙස් තැවීමේ වීර්යය වඩන (පා. පධාන)

ප්‍රධ්වංසනය

නා. විනාශ කිරීම; සමූල ඝාතනය (සං. ප්‍රධ්වංසන)

ප්‍රධාන

වි. මූලික; ප්‍රමුඛ (සං. ප්‍රධාන)

ප්‍රපංච ප්‍රපඤ්ච

නා.ප්‍ර. ප්‍රමාදය/ ප්‍රමාදයට හේතු වූ කරුණ/ විස්තරය/ විද්‍යමාන දෙය; ලෞකික සම්මුතිය (සං. ප්‍රපඤ්ච)

ප්‍රපාතය

නා. කඳුහෙල්වල බෑවුම; පල්ලම (සං. ප්‍රපාත)

ප්‍රබන්ධය

නා. රචනය/ එකට එකතු වීම (සං. ප්‍රබන්‍ධ)

ප්‍රබල

වි. ඉතා බලවත් (සං. ප්‍රබල)

ප්‍රබුද්ධ

වි. බුද්ධි සම්පන්න/ පිපුණු (සං. ප්‍රබුද්ධ)

ප්‍රබෝධය

නා. විකසිත වීම/ උද්‍යෝගය/ සතුට (සං. ප්‍රබොධ)

ප්‍රබෝධවත්

වි. ප්‍රබෝධයෙන් යුතු

ප්‍රභවය

නා. හට ගැනීම/ ජන්ම ස්ථානය/ මූලාශ්‍රය (සං. ප්‍රභව)

ප්‍රභාතය

නා. අලුයම; පාන්දර (සං. ප්‍රභාත)

ප්‍රභාමණ්ඩලය

නා. රැස් වළල්ල/ ප්‍රභාගෝලය (සං. ප්‍රභාමණ්ඩල)

ප්‍රභාව

නා. දීප්තිය/ රශ්මිය/ ආලෝකය (සං. ප්‍රභා)

ප්‍රභාවය

නා. තේජස; මහිමය; ආනුභාවය (සං. ප්‍රභාව)

ප්‍රභාෂණය

නා. මැනවින් අරුත් පැහැදිලි කිරීම (සං. ප්‍රභාෂණ)