ප්රබෝධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (මල්) පිපීම ; විකසිත වීම ; විකාසය.
2. උද්යෝගය ; උනන්දුව ; දිරිය.
3. සතුට ; ප්රීතිය.
4. අවදි බව ; නිද්රා රහිත බව.
5. දියුණුව ; අභිවර්ධනය ; උද්දීපනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විකසිත වීම/ උද්යෝගය/ සතුට (සං. ප්රබොධ)