අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 203
ප්රභාසංශ්ලේෂණය
නා. ශාකයක් ආලෝකය උපයෝගී කොට ගෙන ආහාර නිපදවීමේ ක්රියාවලිය (සං. ප්රභාසංශ්ලෙෂණ)
ප්රභාස්වර
වි. බබළන; දීප්තිමත් (සං. ප්රභාස්වර)
ප්රභූත්වය
නා. අධිපති බව; ස්වාමිත්වය; සමත් බව (සං. ප්රභූත්ව)
ප්රභේදය
නා. වෙන් කොට දැක්වීම/ වර්ගය (සං. ප්රභෙද)
ප්රමථනය
නා. කැලඹීම/ මැඬීම; තැළීම (සං. ප්රමථන)
ප්රමාණය
නා. තරම; පමණ/ සීමාව/ මිනුම (සං. ප්රමාණ)
ප්රමාණාත්මක
වි. මිනුමක් ඇතුළත්
ප්රමාණාතික්රාන්ත
වි. පමණ ඉක්මවූ
ප්රමිත
වි. සම්මත කරන ලද (සං. ප්රමිත)
ප්රමිතිය
නා. සම්මතය/ නිවැරදි ප්රමාණය (සං. ප්රමිති)
ප්රමුඛ
වි. පළමු (සං. ප්රමුඛ)
ප්රමුඛතාව
නා. ප්රධානත්වය (සං. ප්රමුඛතා, ප්රමුඛත්ව)
ප්රමුඛස්ථානය
නා. ප්රධාන තැන/ කැපී පෙනෙන ස්ථානය (සං. ප්රමුඛස්ථාන)
ප්රමුදිත
වි. අතිශය ප්රීතියට පත් (සං. ප්රමුදිත)
ප්රමෝදය
නා. අධික ප්රීතිය (සං. ප්රමොද)
ප්රයත්නය
නා. උත්සාහය; ආයාසය (සං. ප්රයත්න)
ප්රයාණය
නා. ගමන/ ආක්රමණය කිරීමට යන ගමන (සං. ප්රයාණ)
ප්රයුංජනය
නා. භාවිතයේ යෙදීම; ක්රියාත්මක කොට බැලීම (සං. ප්රයුඤ්ජාන)
ප්රයොජ්ය
වි. යෙදිය යුතු; මෙහෙයවීම යුතු/ රැඳී පවතින (සං. ප්රයොජ්ය)
ප්රරූඪ
වි. නැඟුණු; මතු වුණු; හටගත් (සං. ප්රරූඪ)
ප්රරෝහණය
නා. බීජයකින් පැළ හටගැනීම (සං. ප්රරොහණ)
ප්රලම්බනය
නා. බලපැවැත්වීම/ තැති ගැන්වීම/ පෙලඹවීම (සං. ප්රලම්බන)
ප්රලය
නා.ප්ර. වැනසීම/ කල්ප විනාශය/ දුරලීම/ භූතාවේෂය (සං. ප්රලය)
ප්රලාපය
නා. හිස් බස/ නන් දෙඩවිල්ල (සං. ප්රලාප)