අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 204
ප්රලීන
වි. නැති වුණු; අභාවයට ගිය/ අතුරුදන් වුණු (සං. ප්රලීන)
ප්‍රලුබ්ධ
වි. බලවත් ආශාවෙන් මැඬුණු (සං. ප්‍රලුබ්ධ)
ප්‍රලේඛනය
නා. ලේඛනගත කිරීම
ප්රලෝභනය
නා. පොළඹවා ගැනීම (සං. ප්රලොභන)
ප්‍රවණතාව
නා. වැඩි කැමැත්ත. නැඹුරුව (සං. ප්රවණතා)
ප්‍රවර්තනය
නා. පැවැත්ම; පැවතීම (සං. ප්‍රවර්තන)
ප්‍රවර්තිත
වි. පැවති; තිබුණු (සං. ප්‍රවර්තිත)
ප්‍රවර්ධනය
නා. බෙහෙවින් වැඩීම (සං. ප්‍රවර්ධන)
ප්‍රවහණය
නා. ප්රවාහණය (සං. ප්‍රවාහණ)
ප්‍රව්‍රජ්‍යාචාර්ය
නා.ප්‍ර. පැවිදි කරවූ ගුරුවරයා; උපාධ්යායාචාර්ය
ප්‍රව්‍රජ්‍යාව
නා. පැවිදි බව (සං. ප්‍රව්‍රජ්‍යා)
ප්රව්රජ්යෝපසම්පදාව
නා. පැවිද්ද හා උපසම්පදාව
ප්‍රව්‍රජිතයා
නා. පැවිද්දා; ශ්‍රමණයා (සං. ප්‍රව්‍රජිත)
ප්‍රවාදය
නා. මුඛ පරම්පරාගත කතාව; ජනශ්රැතිය/ ශ්‍රේෂ්ඨ මතය/ චාරිත්‍රය; සම්ප්රදායය (සං. ප්‍රවාද)
ප්රවාරණය
නා. අවසර දීම/ සතුටු කිරීම/ බෝ කිරීම (සං. ප්රවාරණ)
ප්රවාහණය
නා. ගෙන යෑම; මගීන් හා බඩුභාණ්ඩ ගෙන යෑම/ ද්‍රවයක් ගැලීම (සං. ප්‍රවාහණ)
ප්‍රවිෂ්ට
වි. ඇතුළු වූ; පිවිසුණු (සං. ප්‍රවිෂ්ට)
ප්‍රවීක්ෂණය
නා. කල් තියා දැන ගැනීම
ප්‍රවීණ
වි. දක්ෂ; සමර්ථ/ වැදගත්; උසස්/ විශිෂ්ට අවබෝධයක් ඇති (සං. ප්‍රවීණ)
ප්‍රවෘත්ත
වි. පැවිති; පවත්නා./ පැවැත්වුණු; කරන ලද්දා වූ/ කියන ලද (සං. ප්‍රවෘත්ත)
ප්‍රවෘත්තිය
නා. පුවත; තොරතුර/ පැවැත්ම (සං. ප්රවෘත්ති)
ප්‍රවෘද්ධ
වි. බෙහෙවින් මහලු වූ/ හොඳට වැඩුණු/ වැඩි වුණු; අධික වූ/ ප්‍රෞඪ (සං. ප්‍රවෘද්ධ)
ප්‍රවේගය
නා. චලනය වීමේ ශීඝ්‍රතාව (සං. ප්‍රවෙග)
ප්‍රවේණිය
නා. පාරම්පරික අයිතිය/ පූර්වජයාගෙන් උරුම වන ලක්ෂණ (සං. ප්‍රවෙණි)