අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 205
ප්‍රවේශනය
නා. ඇතුළු වීම/ ඇතුළු කිරීම (සං. ප්රවෙශන)
ප්‍රවේශය
නා. ඇතුළු වීම; ප්‍රවිෂ්ට වීම/ හැදින්වීම/ දොර; දොරටුව (සං. ප්‍රවෙශ)
ප්‍රශංසනීය
වි. පැසසිය යුතු (සං. ප්‍රශංසනීය)
ප්‍රශංසාව
නා. පැසසුම; ගුණ වර්ණනාව (සං. ප්‍රශංසා)
ප්‍රශමනය
නා. සමනය වීම/ රෝගාබාධයන්ට කරන පිළියම (සං. ප්‍රශමන)
ප්රශමය
නා. සමනය වීම; සන්සුන් වීම (සං. ප්රශම)
ප්රශස්ත
වි. ප්‍රශංසා කරන ලද/ උතුම්; ශ්‍රේෂ්ඨ/ ඉතා හොඳ/ ප්‍රමිත තත්ත්වයට අදාළ (සං. ප්රශස්ත)
ප්රශස්තිය
නා. ස්තුතිය; ප්‍රශංසාව/ ප්‍රශංසා වශයෙන් රචිත කාව්‍යය; ස්තුති කාව්‍යය (සං. ප්රශස්ති)
ප්රශ්නය
නා. කාරණයක් විමසීම/ කරදරය; හිරිහැරය (සං. ප්‍රශ්න)
ප්‍රශ්නාර්ථ ලකුණ
නා. ප්‍රශ්නයක් බව ඇඟවීම පිණිස ලේඛනයේ දී යොදන ‘?’ සංකේතය
ප්‍රශ්නාවලිය
නා. කරුණු විමසීම් මාලාව
ප්‍රශ්නෝත්තර
නා.ප්‍ර. විමසීම් හා එයට ලැබෙන පිළිතුරු (සං. ප්‍රශ්නොත්තර)
ප්‍රශ්වාසය
නා. ශ්වසන අවයවවලින් වාතය පිට කිරීම (සං. ප්‍රශ්වාස)
ප්‍රශාඛාව
නා. කුඩා අත්ත; ලියලා ගිය ශාඛාව (සං. ප්‍රශාඛා)
ප්‍රසංගය
නා. ඇලීම; ආසක්ත වීම/ නාට්‍යමය හෝ කාව්‍යමය වශයෙන් යමක් ඉදිරිපත් කිරීම (සං. ප්රසඞ්ග)
ප්‍රසක්ත
වි. ඇලුණු; ආසක්ත (සං. ප්‍රසක්ත)
ප්‍රසන්න
වි. සතුටු/ පැහැදුණු (සං. ප්‍රසන්න)
ප්‍රසම්පාදනය
නා. මිල ගණන් කැඳවීම
ප්‍රසර
වි. ඉදිරියට නෙරා යන (සං. ප්‍රසර)
ප්‍රසරණය
නා. විහිදීම; පැතිරීම (සං. ප්රසරණ)
ප්‍රසර්ජනය
නා. දික්වීම; විහිදීම (සං. ප්‍රසර්ජන)
ප්රසර්පණය
නා. ඉදිරියට යෑම; පැතිරීම (සං. ප්‍රසර්පණ)
ප්රසවය
නා. ඉපදීම; හටගැනීම/ දරු ප්‍රසූතිය (සං. ප්‍රසව)
ප්රස්තරය
නා. තලය; තට්ටුව (සං. ප්රස්තර)