අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 206

ප්‍රස්තාරය

නා. සමූහය; රාශිය/ පරිමාණයන් හා ප්‍රමාණයන් දක්වන රේඛා සටහන/ ගීතයක ස්වර විදහා දැක්වීම (සං. ප්‍රස්තාර)

ප්‍රස්තාව

නා.ප්‍ර. අවස්ථාව; වේලාව/ විවාහය (සං. ප්‍රස්තාව)

ප්‍රස්තාව පිරුළ

නා. ස්ථානෝචිත කියමන; උපදේශ වාක්‍යය

ප්‍රස්තාවනාව

නා. ආරම්භය; පූර්විකාව (සං. ප්‍රස්තාවනා)

ප්‍රස්තාවෝචිත

වි. තැනට සුදුසු

ප්‍රස්තුතය

නා. ඉදිරිපත් කරන ලද්ද; මාතෘකාව/ උපමේය වශයෙන් කියන වස්තුව (සං. ප්‍රස්තුත)

ප්‍රස්ථානය

නා. පිටත්වීම; ගමනාරම්භය (පා. පට්ඨාන)

ප්‍රසාදනීය

වි. පැහැදීමට සුදුසු; සතුට ලබාදෙන (සං. ප්‍රසාදනීය)

ප්‍රසාදය

නා. පැහැදීම; සතුට/ පැහැදීම නිසා දෙන ත්‍යාගය (සං. ප්‍රසාද)

ප්‍රසාධනය

නා. පැලඳීම; සැරසීම/ ආභරණය/ ඉටුකිරීම (සං. ප්‍රසාධන)

ප්‍රසාරණය

නා. උෂ්ණත්වය වැඩිවීම නිසා හෝ පීඩනය අඩුවීම නිසා හෝ වස්තුවක් විශාල වීම/ දික්කිරීම; දිග හැරීම/ විහිදීම (සං. ප්‍රසාරණ)

ප්‍රසිද්ධ

වි. ප්‍රකට; පතළ (සං. ප්‍රසිද්ධ)

ප්‍රසූතය

නා. දරුවකු මවු කුසින් බිහිවීම (සං. ප්‍රසූත, ප්‍රසූති)

ප්‍රසූතිකාගාරය

නා. දරුවන් බිහි කිරීම සඳහා වෙන් වූ ස්ථානය

ප්‍රහර්ෂණය

නා. සිත ඉතා බලවත් ලෙස පිනා යෑම (සං. ප්‍රහර්ෂණ)

ප්‍රහර්ෂය

නා. අධික සතුට/ නාට්‍යාලංකාර තිස්තුන අතුරින් එකක් (සං. ප්‍රහර්ෂ)

ප්‍රහසනය

නා. උපහාසය කැටි කොට ගත් සිනහ උපදවන නාටකය (සං. ප්‍රහසන)

ප්‍රහාණය

නා. දුරු කිරීම; නැති කිරීම (සං. ප්‍රහාණ)

ප්‍රහීණ

වි. නසන ලද; දුරු කළ (සං. ප්‍රහීණ)

ප්‍රහෘත

වි. ගසනු ලැබූ; පහරන ලද/ වැදුණු; හැපුණු (සං. ප්‍රහෘත)

ප්‍රහේලිකාව

නා. සැඟවුණු අරුත් ඇති වගන්තිය; තේරවිල්ල/ නොවැටහෙන අවුල (සං. ප්‍රහෙලිකා)

ප්‍රාක්

වි. පැරණි වූ; අතීතයට අයත්/ පළමුවෙන් වූ (සං. ප්‍රාක්, ප්‍රාග්)

ප්‍රාකාරය

නා. තාප්පය (සං. ප්‍රාකාර)

ප්‍රාකෘත

නා.ප්‍ර. මූල භාෂා විශේෂයක් (සං. ප්‍රාකෘත)