අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 207
ප්‍රාගල්භ්‍ය
නා.ප්‍ර. උඩගු බව/ දක්ෂ බව; ප්රගල්භ භාවය (සං. ප්‍රාගල්භ්‍ය)
ප්රාග් ඓතිහාසික
වි. මුල් ම ඉතීහාසයට අයත්
ප්රාග්ධනය
නා. මූලධනය
ප්‍රාග්භාරය
නා. ඉදිරියට නෙරාගිය කොටස (සං. ප්‍රාග්භාර)
ප්රාගුණ්යය
නා. ප්‍රගුණ බව (සං. ප්‍රාගුණ්‍ය)
ප්රාචාර්යයා
නා. පෙර ඇදුරා; ගුරුවරයාගේ ගුරුවරයා
ප්‍රාචීන
වි. පෙරදිගට අයත් (සං. ප්‍රාචීන)
ප්‍රාචීරය
නා. උරස උදරයෙන් වෙන් කරන අවයවය
ප්‍රාඥයා
නා. නුවණැත්තා (සං. ප්‍රාඥ)
ප්‍රාණ නාලිය
නා. ජීව බලය වැඩි ම වූ ස්ථානය; ප්‍රාණය රැකෙන දෙය
ප්‍රාණ භුක්තිය
නා. දිවි ඇති තෙක් පරිහරණය කිරීමේ අයිතිය
ප්‍රාණඝාතය
නා. පර පණ නැසීම (සං. ප්‍රාණඝාත)
ප්‍රාණය
නා. ජීව ශක්තිය/ හුස්ම ඇද හෙළන කාලය (සං. ප්‍රාණ)
ප්‍රාණවත්
වි. පණ ඇති/ නැගී සිටි (සං. ප්‍රාණවත්)
ප්රාණාක්ෂර
නා.බහු. පණකුරු; ස්වරාක්ෂර
ප්‍රාණියා
නා. පණ ඇත්තා
ප්රාතිමෝක්ෂය
නා. භික්ෂූන්ට ශික්ෂා වශයෙන් පැනවූ ශීලය (පා. පාතිමොක්ඛ)
ප්රාතිහාර්යය
නා. හාස්කම; පුදුමය/ මනුෂ්‍යත්වය ඉක්මවූ ආශ්චර්යවත් සිදුවීම (සං. ප්රාතිහාර්ය)
ප්‍රාථමික
වි. මුලින් වූ; මුල් අවධියට අයත් (සං. ප්‍රාථමික)
ප්රාදුර්භූත
වි. පහළ වූ; ඇති වූ (සං. ප්රාදුර්භූත)
ප්‍රාදේශික
වි. ප්‍රදේශයට අයත් වූ; ප්‍රදේශය පිළිබඳ වූ
ප්‍රාදේශීය
වි. ප්‍රදේශීය
ප්‍රාන්තය
නා. ඈත කෙළවර; අයින/ විශාල ප්‍රදේශය (සං. ප්‍රාන්ත)
ප්‍රාප්ත
වි. පැමිණි; එළඹි (සං. ප්‍රාප්ත, ප්රාප්ති)