අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 208

ප්‍රාමාණ්‍ය

වි. සාක්ෂ්‍ය මගින් තහවුරු වන; සම්මුතියට අදාළ (සං. ප්‍රාමාණ්‍ය)

ප්‍රාමාණික

වි. පිළිගත හැකි; ප්‍රමාණවත් නුවණක් ඇති/ සම්මත (සං. ප්‍රාමාණික)

ප්‍රාරම්භය

නා. ආරම්භ කිරීම; පටන් ගැනීම (සං. ප්‍රාරම්භ)

ප්‍රාර්ථනය

නා. පැතුම; බලාපොරොත්තුව (සං. ප්‍රාර්ථන, ප්‍රාර්ථනා)

ප්‍රාවරණය

නා. පොරෝණය/ මෘද්වංශීන්ගේ ශරීරය වසා ඇති සම් වැදැල්ල (සං. ප්‍රාවරණ)

ප්‍රාසංගික

1. වි. ඉබේ සිදුවන/ ස්වාභාවික (සං. ප්‍රාසාංගික) 2. නාට්‍යමය හෝ කාව්‍යමය හෝ ගීතමය අවස්ථාවලින් යුත්

ප්‍රාස්තාවික

වි. අවස්ථාවට සුදුසු (සං. ප්‍රස්තාව+ඉක)

ප්‍රිය විප්‍රයෝගය

නා. තමා කැමති දෙයින් වියෝ වීම (පා. පියවිප්පයොග)

ප්‍රියසම්භාෂණය

නා. සතුටු සාමීචි කථාව (සං. ප්‍රියසම්භාෂණ)

ප්‍රීණනය

නා. සතුටු වීම; ප්‍රීති වීම (සං. ප්‍රීණන)

ප්‍රීත්‍යුත්සවය

නා. ප්‍රීති වීමට හා විනෝද වීමට පැවැත්වෙන උත්සවය; සාදය

ප්‍රේක්ෂකයා

නා. රූපවාහිනී, සිනමාපට, නාට්‍ය ආදිය නරඹන්නා (සං. ප්‍රෙක්‍ෂක)

ප්‍රේක්ෂණය

නා. ඇසින් හෝ නුවණින් බැලීම (සං. ප්‍රෙක්‍ෂණ)

ප්‍රේමණීය

වි. පෙම් කළ යුතු; ආදරණීය (සං. ප්‍රෙමණීය)

ප්‍රේරණය

නා. මෙහෙයවීම; යැවීම (සං. ප්‍රෙරණ)

ප්‍රේෂණ

නා.ප්‍ර. චෙක්පත්, අණකර ආදිය මගින් කෙනකුගෙන් තවත් කෙනකුට යැවෙන මුදල/ යම් තැනකින්, අවස්ථාවකින් හෝ ක්‍රමයකින් අන් තැනක් වෙත ගමන් කිරීම; සංක්‍රාන්තිය (සං. ප්‍රෙෂණ)

ප්‍රොතෙස්තන්ත

නා.ප්‍ර. රෙපරමාදු ආගම (ඉං. protestant)

ප්‍රෝඩාව

නා. ප්‍රයෝගය; වංචාව (ඉං. fraud)

ප්‍රෞඪ

වි. උදාර; අභිමානයෙන් යුත්/ මැදිවියේ සිටින (සං. ප්‍රෞඪ)

පා සලඹ

නා. පා වළල්ල; නූපුරය

පාංශු

නා.ප්‍ර. පස්; මැටි; දූවිලි/ පෝර (පා. පාංසු සං. පාංශු)

පාංශු වයනය

නා. බීජ රෝපණය සඳහා බිම සැකසීම

පාංශුකූල චීවරය

නා. පාංසුකූල චීවරය

පාංශුකූලය

නා. මතක වස්ත්‍රය/ සොහොන් බිම් ආදී තන්හි අහුලාගත් රෙදිවලින් තැනූ සිවුර/ අවමඟල් උත්සවය (පා. පංසුකූල සං. පාංශුකූල)