පාංශුකූලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කසල ගොඩෙහි වූ රෙදිකඩ ; සොහොන්, කසළගොඩ ආදී තන්හි පස්වැකුණු රෙදි කැබැල්ල.
2. මියගිය තැනැත්තහුට පිං පිණිස අවමගුලේ දී භික්ෂූන්ට පිරිනැමෙන රෙදිකඩ; මතක වස්ත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මතක වස්ත්‍රය/ සොහොන් බිම් ආදී තන්හි අහුලාගත් රෙදිවලින් තැනූ සිවුර/ අවමඟල් උත්සවය (පා. පංසුකූල සං. පාංශුකූල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. shroud
2. n. winding-sheet