ප්‍රතිබිම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුද්ගලයකුගේ හෝ ද්‍රව්‍යයක හෝ හැඩය විදහා දැක්වෙන රූපය ; පිළිමය ; ප්‍රතිමාව ; පිළිරුව ; මූර්තිය.
2. ඡායාව ; සෙවණැල්ල ; දර්පණතල පළිඟු ආදිය තුළින් කිරණ මඟින් දිස්වන රූපය.
3. යම්කිසි සමානත්වයක් දක්වන චිත්‍රය හෝ රූපය.
4. සංකල්ප වර්ණනාදිය ඇසුරින් ගොඩනැගෙන මනෝමය රූපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක හැඩය විදහා දැක්වෙන රූපය; ඡායාව (සං. ප්‍රතිබිම්බ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. eidola
2. n. image
3. n. reflection
4. n. reflexion