ප්රතිදාන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගත් යමක් පෙරළා දීම ; ආපසු දීම ; නැවත දීම ; සමාන රූප වස්තු ආදි දානය.
2. බඩු ගනුදෙනු කිරීම; ද්රව්ය හුවමාරුව ; අනුන්ගෙන් ගන්නා ලද යමක් වෙනුවෙන් වෙන දෙයක් දීම.
3. (දේපල ආදිය එහි) හිමියාට ආපසු දීම ; වන්දි ගෙවීම ; යළි පවරාදීම.
4. ආරක්ෂාවට තිබූ දෙයක් නැවත ආපසු දීම.
5. (පාරිභා.) බලය, ශක්තිය, ඵල වැනි දෙයක් නියමිත කාල සීමාවක් තුළ දී නිපදවනු ලබන ප්රමාණය ; නියමිත කාලයක් තුළ දී යන්ත්රයක්, කම්හලක් හෝ මිනිසකු මඟින් නිපදවෙන සම්පූර්ණ භාණ්ඩ ප්රමාණය ; කිසියම් වෙළෙඳ ද්රව්යයක සම්පූර්ණ අස්වැන්න.
6. (පාරිභා.) වට්ටමක් හෝ දීමනාවක් නියමිත දිනට පෙර බිල්පත් සඳහා ගෙවීමේ දී බැංකුකරුවන් හා වෙනත් අය විසින් එසේ ගෙවන අයට දෙන දීමනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. යමක් වෙනුවට යමක් ආපසු දීම (සං. ප්රතිදාන)