සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1033
ප්‍රතිජානන
වි. (දර්ශන.) ස්ථිර ; නිත්‍ය ; පැහැදිලි ව ප්‍රකාශ කළ ; සැක නැති ; නිරපේක්ෂ ; තථ්‍ය.
ප්‍රතිජානනය
නා. සාපේක්ෂ වශයෙන් නොව ඉඳුරා ම දැන ප්‍රකාශ කර සිටීම ; තරයේ හෙවත් ස්ථිර වශයෙන් කරන ප්‍රකාශය.
ප්‍රතිජීවක
නා.ප්‍ර. (රසා.) ව්‍යාධිජනක පරපෝෂිත බැක්ටීරියාවල වැඩීම වළක්වන ද්‍රව්‍යය.
ප්රතිජීවකතාව
(පාරිභා.) නා. ඓන්ද්‍රිකයන් දෙදෙනෙකු අතර පවත්නා අන්‍යෝන්‍ය විරුද්ධතාව.
ප්‍රතිජීවය
නා. යළි පණ පිහිටු වීම ; පුනරුත්ථාපනය ; නවජීවනය.
ප්රතිජීවියා
නා. ශරීරයේ රුධිර වස්තුවල හෝ වෙනත් තරලවල පවතිමින් විෂබීජ ඇතුළු බැක්ටීරියා වර්ග විනාශ කර දැමීම සඳහා ප්‍රතික්‍රියා කරන, කවර හෝ දැය.
ප්රතිඥාත
1. වි. පොරොන්දු වූ ; ගිවිස්නා ලද.
2. ගෙනහැර දැක් වූ ; ව්‍යවහාරයට පැමිණ වූ ; තේරුම් කළ ; මනාව පෙන්නා දුන්.
ප්‍රතිඥාව
1. නා. ගිවිසීම ; පොරොන්දුව ; පිළිණය ; ප්රතිඥානය.
2. (තර්ක.) සාධ්‍යය දැක්වීම ; සාධ්‍ය නිර්දේශය ; සාධ්යවත් වූ පක්ෂ වචනය.
3. පොරොන්දු පත්රයකට බැඳීම (යම් කාර්යයකට) නීත්‍යනුකූල ව එකඟ වීම.
ප්‍රතිතල
(පාරිභා.) වි. 1. (පිරමීඩයක දෙපැත්ත මෙන්) විරුද්ධ පැතිවලින් ඇල වුණු ; ප්රතිපාර්ශ්වයෙන් අවනතිය දක්වන.
2. වැඩෙන ලක්ෂ්යයක පෘෂ්ඨයට සෘජු කෝණික වූ.
ප්රතිතෝම්බින්
නා.ප්‍ර. (යමෙකුගේ) රුධිරය වාහිනී තුළ පවතින විට එය කැටි ගැසීමෙන් වළක්වන ද්‍රව්‍යයක්.
ප්රතිදර්ශය
(පාරිභා.) නා. යම්කිසි වර්ග, ජාති ආදියක ගති ස්වභාව ඒ අයුරින් දැක්විය හැකි ආදර්ශය ; පසු දර්ශය.
ප්රතිද්වන්ද්වාත්මක
වි. (තර්ක.) පරස්පර විරෝධතාව සහිත වූ ; අන්‍යෝන්‍ය ප්රතිවිරුද්ධතාවෙන් යුතු ; එකිනෙකට පටහැනි වූ.
ප්‍රතිදාන
1. නා.ප්‍ර. ගත් යමක් පෙරළා දීම ; ආපසු දීම ; නැවත දීම ; සමාන රූප වස්තු ආදි දානය.
2. බඩු ගනුදෙනු කිරීම; ද්‍රව්‍ය හුවමාරුව ; අනුන්ගෙන් ගන්නා ලද යමක් වෙනුවෙන් වෙන දෙයක් දීම.
3. (දේපල ආදිය එහි) හිමියාට ආපසු දීම ; වන්දි ගෙවීම ; යළි පවරාදීම.
4. ආරක්ෂාවට තිබූ දෙයක් නැවත ආපසු දීම.
5. (පාරිභා.) බලය, ශක්තිය, ඵල වැනි දෙයක් නියමිත කාල සීමාවක් තුළ දී නිපදවනු ලබන ප්‍රමාණය ; නියමිත කාලයක් තුළ දී යන්ත්‍රයක්, කම්හලක් හෝ මිනිසකු මඟින් නිපදවෙන සම්පූර්ණ භාණ්ඩ ප්‍රමාණය ; කිසියම් වෙළෙඳ ද්‍රව්‍යයක සම්පූර්ණ අස්වැන්න.
6. (පාරිභා.) වට්ටමක් හෝ දීමනාවක් නියමිත දිනට පෙර බිල්පත් සඳහා ගෙවීමේ දී බැංකුකරුවන් හා වෙනත් අය විසින් එසේ ගෙවන අයට දෙන දීමනාව.
ප්රතිදිගංශ ප්රක්ෂේපණය
(පාරිභා.) නා. පැතලි තලයක පෘථිවියේ ගෝලාකාර පෘෂ්ඨය නභස්තලීය ක්ෂේත්රය පෙන්වාලන සිතියම් ක්‍රම අතුරින් එකක්.
ප්රතිදින
නි. දවස් පතා ; දිනපතා.
ප්‍රතිදීපන අංකය
(පාරිභා.) නා. යකඩ හෝ වානේ උණු කිරීමේ දී අවධි පරිණාමකය තුළින් ඇල්කරණයේ දී ඇති වන උෂ්ණත්වයේ විකාශන ලක්ෂ්‍යය.
ප්‍රතිදීපන පහන
(පාරිභා.) නා. විද්‍යුත් විසර්ජනයෙන් පිට කෙරෙන පාරජම්බුල විකිරණය යෝග්‍ය වර්ණයක ආලෝකය බවට පරිවර්තනය කෙරෙන පරිදි බල්බයෙහි ඇතුළු පැත්තෙහි ප්‍රතිදීප්ත ද්‍රව්‍යයක් ආලේපිත රසදිය ; වාෂ්ප පහන ; ප්‍රතිදීප්ත පහන.
ප්‍රතිදීප්ත තිරය
(පාරිභා.) නා. ප්‍රතිදීපන කඩතිරය ; කැතෝඩ කිරණ නළයක දීප්ත ලපය තිබෙන කොටස.
ප්‍රතිදීප්තිය
නා. එක්තරා තරංග ආයාමයක විකිරණය උරාගෙන ඊට අධික තරංග ආයාමයකින් යුක්ත ආලෝකය ලෙසින් යළි විමෝචනය කිරීම පිණිස ක්වීනින් සල්ෆේට් ප්ලුවොරෙසින් වැනි ද්‍රව්‍ය සතු ව පවත්නා ශක්තිය.
ප්රතිදේයය
(පාරිභා.) නා. ණයහිමියකු විසින් ණයගැතියකුට දෙනු ලබන මුදල ; ණය.
ප්‍රතිදේහය
(පාරිභා.) නා. පරපෝෂිතයකුගේ විෂ වැනි බාහිර ද්‍රව්‍යයක් හේතු කොට ගෙන ජීවියකුගේ ශරීරය තුළ නිෂ්පාදනය වන රෝගකාරක ද්‍රව්‍යයකට අහිතකර වන ද්‍රව්‍යය.
ප්රතිධමනය
(පාරිභා.) නා. (ආර්ථි.) යම්කිසි රටක ආර්ථිකය විමර්ශනය කිරීමේ දී මූල්‍යය වැය කිරිම් මත වන මුදල්වල වටිනාකමේ අඩුවැඩිවීම් කාර්යාවලියේ දී ඉකුත් වූ අවධමනය ඇති වීමට පෙර ඇති මූල්‍ය තත්ත්වය.
ප්‍රතිධ්වනිය
නා. ප්රතිශබ්දය ; පිළිරැව් ; දෝංකාරය ; අනුගර්ජිතය.
ප්රතිධාරණාව
(පාරිභා.) නා. විද්‍යුත් යාන්ත්‍රික දුන්නක් හා ඇති සාදෘශ්‍යය මත ඝනීකාරකයක ධාරිතාවේ පවත්නා පරස්පරතාව.