සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1032
ප්රතිගමන
1. නා.ප්‍ර. වඩා පහත් ආකාරවල ලක්ෂණ පිහිටීම පිරිහීම.
2. සීමාන්තික තත්ත්වයෙකින් සාමාන්‍ය තත්ත්වයකට පෙරළීම.
ප්‍රතිගරලය
නා. විෂ මර්දනය කරන ද්‍රව්‍යය ; විෂාපහාරක.
ප්‍රතිග්‍රහණය
1. නා. යමක් පිළිගැනීම ; බාර ගැනීම ; යහපතැයි හරි යැයි තේරුම් ගෙන එයට අවනත වීම.
2. දානාදි වශයෙන් දෙන යමක් පිළිගැනීම.
3. (නීති.) වචනයෙන් හෝ මුද්‍රා නොතබන ලද ලියවිල්ලෙන් හෝ දෙන පොරොන්දුව ; වගකීම.
4. නියමිත දිනයක දී මුදල් ගෙවීමට බැංකුවෙන් නිකුත් කරන පොරොන්දු පත්‍රය ; විනිමය සඳහා දෙන බිල්පත.
ප්‍රතිග්‍රාහක සම්පත්තිය
නා. දන් දෙනු ලැබීමට හෙවත් දන් පිළිගැනීමට සුදුසු බව.
ප්රතිග්රාහය
1. නා. ගැනීම ; තෑගි ආදිය පිළිගැනීම.
2. කෙළ ගසන භාජනය ; පඩික්කම.
ප්‍රතිගාමියා
නා. ප්රතිගාමී අදහස් දරන්නා ; දියුණු අදහසින් තොර තැනැත්තා ; වෙන් වීමට විරුද්ධවන්නා ; ප්රගතිශීලි නොවන්නා.
ප්රතිගාමී
1. වි. ක්‍රියාවෙන් හා අදහස්වලින් පස්සට යන ; ඉදිරියට නොයන ; ප්‍රගතියට විරුද්ධ වන ; ප්රගතිශීලි නොවන.
2. විරුද්ධ.
ප්රතිගෘහිත
වි. පිළිගන්නා ලද ; පිළිගත්.
ප්රතිගෘහිතය
(පාරිභා.) නා. (දර්ශන.) ඉදිරිපත් කරන මතය ; උපකල්පිතය.
ප්‍රතිඝ
1. වි. විරුද්ධ ; සතුරු.
2. සැඩ පරුස ; චණ්ඩ.
3. නොරුස්නා ; ද්වේෂ සහිත ; ද්වේෂය මුල් වූ.
4. ගැටෙන ; හැපෙන.
ප්‍රතිඝය
1. නා. කෝපය ; තරහ ; නොරුස්නා ගතිය ; ද්වේෂය.
2. ගැටීම ; හැපීම ; ස්පර්ශය.
3. නැසීම ; මරණය.
ප්රතිඝාතනය
1. නා. ප්‍රතික්‍රියාව.
2. මරා දැමීම.
ප්‍රතිඝාතය
1. නා. වැළැක්වීම ; බාධා කිරීම ; දුරු කිරීම ; ප්රහාණය.
2. ගැටීම ; හැප්පීම.
ප්රතිච්ඡන්දය
නා. පිළිරුව ; ප්‍රතිරූපය ; මූර්තිය.
ප්‍රතිච්ඡන්න
1. වි. වැසුණු ; සැඟවුණු.
2. ගැවසුණු.
ප්‍රතිච්ඡාදක
වි. වසා සිටින ; වළකා සිටින ; මුවහ කරන.
ප්‍රතිච්ඡායා
නා.ප්‍ර. ප්‍රතිබිම්බය ; පිළිබිඹු ව ; ප්‍රතිරූපය.
ප්රතිච්ඡේදනය
(පාරිභා.) නා. ප්ලේන් ටේබල් මැනීමේ ක්‍රමයක් ; ස්ථානීය ලක්ෂ්‍යය වශයෙන් ගෙන ක්‍රියාත්මක කැරෙන චක්‍රීය මිණුම් ක්‍රමය.
ප්‍රතිචාරය
නා. උත්තේජනයක් හෝ බලපෑමක් හෝ නිසා යම්කිසි පුද්ගලයකු හා සත්ත්වයකු කෙරෙහි ද ශාකයක ද ඇති වන ප්‍රතික්‍රියාව ; සංවේදයික හැසිරීම.
ප්‍රතිචීන
නා. බටහිර ; අපරදිග.
ප්රතිචුම්බකත්වය
නා. (භෞති.) කාන්දම් බල යෝජිත ප්රතිචුම්බකීය වස්තුවල ප්‍රකාශිත බලධාරිතා ප්‍රාමාණික ස්වභාවය.
ප්රතිචූර්ණකාරී ක්‍රියාව
නා. චූර්ණකර බවට හැරීම වැළැක්වීම ; ඝන බවට පෙරළීම නවත්වාලීම.
ප්රතිඡර්දකය
නා. වමනය වැළැක්වීම ; වමන නිවාරණය.
ප්රතිජග්ගනය
නා. පෝෂ්‍ය කිරීම; රක්ෂා කිරීම ; පිළිදැගුම.