සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1031
ප්‍රති
උ. නැවත, පෙරළා, සමාන, විරුද්ධ, සමීප, භාග, විවාද, ස්වභාව, ප්‍රතිපාදන, ස්වල්ප, ක්ෂේප, අනුව, පසුව, ගැටීම, වහා වැටහෙන, ඉදිරි ආදි අර්ථවල යෙදෙන සංස්කෘත හා සිංහල උපසර්ගයක්.
ප්‍රති උත්තරය
නා. පිළිතුර ; යම් ප්‍රකාශයක් සඳහා කරන පිළිතුරු ප්‍රකාශය.
ප්‍රති නිර්දේශ්යමාන
වි. නැවත පෙන්වා දෙනු ලබන ; (නිදර්ශනාදිය මඟින්) යළි විග්රහ කොට දක්වන්නා වූ.
ප්‍රති නිර්මාණය
නා. යළි ගොඩනැංවීම ; නැවත සකස් කොට දැක්වීම ; නැවත නිර්මාණය කිරීම.
ප්‍රති පුරුෂ
වි. අනිකකු වෙනුවෙන් නියෝජනය වන ; අනිකකු වෙනුවෙන් පෙනී සිටින ; කෙනෙකු සඳහා ඉදිරිපත් වන.
ප්‍රති සංයුක්ත
වි. නැවත නැවත යෙදුණු ; ඒ හා සම්බන්ධ වූ ; ඒ පිළිබඳ වූ ; එයට අයිති වූ ; අනුකූල වූ.
ප්‍රති-අධ්‍යාත්ම විද්‍යාව
නා. (දර්ශන.) අත්දැකීමෙන් සනාථ කළ නොහැකි අධ්‍යාත්ම විද්‍යාත්මක ප්රකාශනයක් වෙයි නම්, එහි ප්රජානක අර්ථයක් නැතැයි ද එනිසා එය ව්‍යාජ ප්රකාශකයෙකැයි ද සැලකීම.
ප්රතික ක්‍රියාව
නා. යම්කිසි ක්‍රියාවකට පිළිතුරු වසයෙන් ලැබෙන ක්‍රියාව.
ප්රතිකර්මය
1. නා. කළ දෙයට පිළිතුරු වසයෙන් කරන ක්‍රියාව ; යම්කිසි ගැටලුවක් විසඳීම වසයෙන් යොදන පිළියම ; ප්‍රතික්‍රියාව.
2. රෝගයකට පිළියම් කිරීම ; වෙදකම ; පිළියම ; ප්‍රතිකාරය.
ප්රතික්ෂිප්ත
වි. ප්‍රතික්ෂේප කරන ලද ; වළක්වන ලද ; ඉවත් කළ ; අතහැර දැමූ.
ප්රතික්ෂේපය
නා. යමක් නොපිළිගෙන බැහැර කිරීම; අත් හැරීම ; අහක දැමීම පිළිකෙවු කිරීම ; නිෂේධය.
ප්‍රතික්‍රමණ ශාලාව
1. නා. සක්මන් කරන ශාලාව.
2. ඇවැත් දෙසන ශාලාව.
ප්‍රතික්‍රමණය
1. නා. පසු බැසීම; පසුබට වීම ; ආපසු යෑම ; අභිමුඛ නොවීම.
2. (පාරිභා.) ග්‍රහ තාරකාදිය නැගෙනහිරින් බටහිරට යෑම ; ග්‍රහයන් වක්‍ර වීම.
ප්‍රතික්‍රියා
1. නා.ප්‍ර. පිළියම; ප්රතිකර්මය ; ප්‍රතිකාර කිරීම.
2. යම් ක්‍රියාවකට ආපසු සුදුසු දෙයක් කිරීම.
3. ප්‍රතිවිරුද්ධ ව උපදින ක්‍රියාව ; විරුද්ධ ක්‍රියාව.
4. කිසියම් රසායනික විපර්යාස ඇති කරලමින් ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් හෝ සමග ක්‍රියාකිරීම; ප්‍රතිචාරය.
ප්‍රතික්‍රියා කාරකය
(පාරිභා.) නා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ; පරමාණුක පුංජය ; දාම ප්‍රතික්‍රියාවක් වර්ධනය විය හැකි නියන්ත්රියක් සහිත වූ යුරේනියම් එකලස.
ප්‍රතිකාරකය
1. නා. (රසා.) රසායනික විශ්ලේෂණයේ දී ලාක්ෂණික ප්‍රතික්‍රියාවක් ඇති කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් හෝ ද්‍රාවණයක්.
2. (නීති.) ඔවුනොවුන් අතර ක්‍රියාත්මක වීම ; අන්‍යෝන්‍ය ලෙස ක්‍රියාත්මක වීම.
ප්‍රතිකාරය
1. නා. වෙදකම ; රෝගයක් සඳහා කරන පිළියම.
2. කළ උපකාරයට පෙරළා සුදුස්සක් කිරීම ; වරදකට, හානියකට හෝ රෝගයකට සුදුස්සක් කොට එය මඟ හැරවීම.
ප්‍රතිකාල්
වි. පෘතුගාලයේ මිනිස් වර්ගයා හා සම්බන්ධ ; එම භාෂාවට සම්බන්ධ.
ප්‍රතිකැතෝඩය
(පාරිභා.) නා. එක්ස් කිරණ නළයක එක්ස් කිරණ නිකුත් කෙරෙන්නාවූ ද ඒ මත කැතෝඩ කිරණ නාභිගත කෙරෙන්නාවූ ද ඇනෝඩය.
ප්‍රතිකුල ගංගාව
නා. (භූගෝ.) ප්‍රධාන ගංගාවකට හරස් ව ගලා විත් එකතු වන කුඩා ගංගාවක්.
ප්‍රතිකූල
1. වි. පිළිකුල් වන ; අපිරිසිදු ; අප්‍රසාදාත්මක.
2. එකඟ නොවන ; විරුද්ධ.
3. (පාරිභා.) විරුද්ධ ලෙස පිහිටි.
ප්රතිකෘතිය
1. නා. සමාන දෙය ; අනුරූපය ; ප්‍රතිමාව ; මූර්තිය
2. අනු පිටපත.
ප්රතිඛාතය
නා. (භූගෝ.) වෙරළේ ඇතුළට නෙරාගිය තැන ; ප්‍රධාන ලක්ෂණයට එකතු වන නිම්නය ; අවපාතය.
ප්රතිඛාදනය
(පාරිභා.) නා. (භූගෝ.) ගංගා ආදියේ දිය ඇලි මඟින් පතුලේ තට්ටු සේදී යෑමෙන් ඉදිරියට නෙරීම.