සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1030
ප්‍රත්‍යානුවේගි
(පාරිභා.) වි. ස්වයං සාධක ස්නායු පද්ධතියේ කොටසට අයත් හෝ එ් සම්බන්ධ වූ පෘෂ්ඨවංශීන්ගේ හිසේ දී මොළයේ පටන් ද ත්‍රිකාස්තික ප්‍රදේශයේ දී සුෂුම්නාවේ පටන් ද ආරම්භ වී සිනිඳු පේශි හා ග්‍රන්ථි වූ.
ප්‍රත්‍යාබලය
(පාරිභා.) නා. 1. ප්‍රත්‍යාස්ථතාව පිළිබඳ හැදෑරීමේ දී වස්තුවක් මත ක්‍රියා කෙරෙන බලය ; වික්‍රියාවක් ඇති කිරීමට පාදක වන වස්තු විෂයික බලය.
2. යම්කිසි ලෝහයක ප්‍රත්‍යස්ථතාව සැලකීමේ දී එහි හරස්කඩෙහි ඒකක ක්ෂේත්‍ර ප්රමාණයෙක් මත ක්‍රියා කෙරෙන බලය.
3. පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ආදියෙහි අභ්‍යන්තරික ව හටගන්නා බලය.
ප්රත්යාභාරය
නා. (ව්‍යාක.) 1. වර්ණ සමූහයකින් එහි මුල අග අකුරු දෙකින් ඒ වර්ණ සමූහය ම ගැනීමේ සංඥාව.
2. ප්‍රත්‍යාභාර ක්‍රමයෙන් ගනු ලබන (සංක්ෂේප කළ) අක්ෂර සමූහය.
3. යෝග දර්ශනයෙහි දැක්වෙන යෝගාභ්‍යාස අවස්ථා අටෙන් එකක්.
ප්‍රත්‍යාවර්තක
1. වි. මාරුවෙන් මාරුවට සිදු ප්‍රත්‍යාවර්තනය වන.
2. දෙකින් එකක් තෝරා ගත හැකි ; වෙනුවට තෝරා ගත හැකි.
ප්‍රත්‍යාවර්තකය
නා. ප්‍රත්‍යාවර්තක විදුලි ධාරාවක් සපයන යාන්ත්‍රික විද්‍යුත් හෝ යාන්ත්‍රික විද්‍යුත් උපකරණය ; ඩයිනමෝව ; ප්‍රත්‍යාවර්තක ධාරා යන්ත්‍රය ; ඔල්ටනේටරය.
ප්‍රත්‍යාවර්තනය
1. නා. යළි ඇති වීම ; ප්‍රත්‍යා-පෙනෙන ස්වරූප දෙකක් ඇති අතර මෙම ස්වරූපද්වය එම ජීවියාගේ ජීවිත චක්‍රයේ ක්‍රමවත් ලෙස මාරුවෙන් මාරුවට ඇති වීම.
2. (විද්‍යුත් ධාරාවක් වැන්නක) ආපසු හැරීම ; මාරුවෙන් මාරුවට ආපසු හැරීම.
3. ආපසු නැමීම ; පෙරළා නැමීම.
ප්රත්යාසන්න
වි. ඉතා සමීප ; ඉතා කිට්ටු.
ප්‍රත්‍යාස්ථතාව
නා. රබර් වැනි වස්තුවක් ඇදීමට සම්පිණ්ඩනයට හෝ විකරණයට හෝ භාජනය වීමෙන් අනතුරු ව ඒ වස්තුව යළිත් මුලින් පැවති ස්වභාවයට පත්වීමේ ගතිය.
ප්‍රත්‍යාස්ථිතිය
නා. වික්‍රිය ද්‍රව්‍යයක තැන්පත් වී ඇති ශක්තිය ; නම්ය ඝූර්ණය බලය, ව්‍යාවර්තය, ව්‍යාකෘති බලය යන එකක් මගින් ප්‍රත්‍යාස්ථ ද්‍රව්‍යයක ආයාස උත්පාදනයේ දී එමගින් ඒකක පරිණාමගත ව සිදු කරනු ලබන කාර්යය.
ප්රත්යාහරණය
නා. (විනය.) 1. භික්ෂූන් වහන්සේ කෙනෙකු ගිහියන්ගේ පණිවුඩ පනත් ආදිය ගෙන ගොස් ආපසු එයට පිළිතුරු ගෙන ඒම.
2. රටකින් පැන ගිය වරදකරුවකු අදාළ රටට භාරදීම.
ප්රත්යුට්ඨානය
නා. ආචාරය පිණිස නැගී සිටීම.
ප්‍රත්‍යුත්තර
1. නා.ප්‍ර. පිළිතුර ; පිළිවදන.
2. (රෝ.ක.) දේව මෙහෙයක් අවසානයේ කේවල ගායකයකු හා ගායනා මණ්ඩලය විසින් මාරුවෙන් මාරුවට ගයනු ලබන හෝ කියනු ලබන හෝ ස්තෝත්‍රය ; ප්‍රතිගීතය.
ප්‍රත්‍යුත්පන්නය
නා. වර්තමානය ; දැන් පවත්නා කාලය ; අද්‍යතන කාලය.
ප්රත්යුත්පාදක
වි. නැවත උපදවන ; යළි ජනිත කරවන.
ප්රත්යුදාහරණය
නා. උදාහරිත කරුණක් සනාථ කිරීමේ පිළිතුරක් වශයෙන් දක්වන උදාහරණය ; ප්‍රතිවිරුද්ධ නිදර්ශනය.
ප්‍රත්‍යුපකාරය
නා. ලැබූ උපකාරයට පෙරළා උපකාර කිරීම.
ප්‍රත්‍යුපස්ථානය
නා. පිරිසිඳ දැක්ම ; අවබෝධය ; පරිඥානය.
ප්රත්යුෂ කාලය
නා. අලුයම් වේලාව ; හිමිදිරිය ; ප්‍රභාතය.
ප්රත්යුහය
නා. උපද්‍රවය ; බාධාව ; අන්තරායය.
ප්‍රත්‍යේක
1. වි. වෙන් වෙන් වශයෙන් සැලකෙන ; තනි ; පෞද්ගලික.
2. පරෝපදේශ රහිත ව තමා ම චතුරාර්ය සත්‍යය අවබෝධ කළ.
ප්‍රත්‍යේක බුද්ධ
නා.ප්‍ර. තමන් විසින් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් නමුත්, අන්‍යයන්ට අවබෝධ කරවීමට නොහැකි උතුමා ; පසේ බුදු.
ප්‍රත්‍යේක බෝධිය
නා. ප්‍රත්‍යේක බුද්ධත්වය ; නිවන් ලද හැකි බෝධිත්‍රයෙන් හෙවත් තුන්තරා බෝධියෙන් එකක්.
ප්‍රතානය
1. නා. (සත්ව.) එකට බැඳුණු තන්තු සමූහය ; දැලක් මෙන් ගෙතුණු ස්නායු තට්ටුව.
2. (උද්භි.) වැල්වර්ගවලට ඉහළ නැඟීමට උපකාරවන අත් පසුර.
3. තට්ටුව ; ස්තරය.
4. ගොමුව ; වැල් ගාල ; සමූහය.
5. පැතිරීම ; විහිදීම.
ප්රතාපය
1. නා. තේජස ; තෙද ; වික්‍රමය ; මහන්තත්වය ; තද උෂ්ණය ; අනුන් තවනසුලු බල පරාක්‍රමය.
2. අටමහා නරකයන්ගෙන් එකක්.
3. දඬුවම්.
4. (සංගී.) උත්තර භාරතීය සංගීත රාගයක්.