ප්‍රභා මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රස් වළල්ල ; රස් මඬල ; ආලෝක වළල්ල.
2. ඇතැම් අවස්ථාවල හිරු සහ සඳු රැසින් අහසෙහි ඇති වන අති විශාල වෘත්තය.
3. සම්පූර්ණ සූර්යග්‍රහණයක දී ආවරණය වූ සූර්යයාගෙන් විහිදී චන්ද්‍ර බිම්බය වටා පෙනෙන අතිශය දීප්තිමත් වූ ද, ඔටුන්නක හැඩයට තරමක් සමාන වූ ද රශ්මි මාලාව.
4. ප්‍රභා ගෝලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. aura
2. corona
3. n. halo
4. nimbus(halo)