ප්‍රසරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉදිරියට යෑම ; පැතිරීම ; විහිදීම.
2. ස්වකීය ස්ථානය හැර වෙන තැනකට යෑම.
3. වේගය ; ජවය.
4. සංචාරය ; ආගමනය.
5. ; (පාරිභා.) යම්කිසි ක්‍රියාවලියක් නිසා යම් ජීව හෝ අජීව අවයවයක අභිනවයෙන් ඇති වන වර්ධනය ; නෙරුම ; නෙරායෑම ; ඉදිරියට මතු වීම.
6. සමූහය ; රාශිය.
7. ආයාචනය ; ඉල්ලීම ; අයැද සිටීම.
8. ගඩුව ; බිබිළ.
9. යුද්ධය ; සංග්‍රාමය.
10. යකඩ ඊය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. currency
2. Bot. outgrowth
3. Bot. process
4. n. spreading