සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1052
ප්රශස්ති කාව්යය
නා. දෙවි, රජු, ප්රභූවර වැන්නකු වර්ණනා කරමින් පසසමින් ගද්යයෙන් හෝ පද්යයෙන් ලියන ලද ප්රශංසාත්මක ප්රබන්ධය ; පැසසුම් කව.
ප්රශස්තිය
1. නා. ස්තූතිය ; ප්රශංසාව ; ගුණ කීර්තනය.
2. ප්රශංසාත්මක වර්ණනය ; ප්රශංසා වසයෙන් රචිත ප්රබන්ධය ; ගුණ වැනුම් කව ; ස්තූති කාව්යය.
ප්රශ්න කරනවා
1. ක්රි. පිළිවිසිනවා ; විමසා බලනවා ; පිළිතුරු අපේක්ෂාවෙන් යමක් අසනවා ; සොයා බලනවා.
2. (පරීක්ෂණ, නඩු විභාග ආදියේදී ප්රස්තූත කාරණය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට අදාළ) ප්රශ්න මාර්ගයෙන් කරුණු විමසනවා ; (චෝදනා විභාග කර බැලීමට) ප්රශ්න මාර්ගයෙන් කරුණු විමසනවා ; කරුණු සොයා බලනවා.
ප්රශ්න ගුණ්ඨිකයා
නා. අන්යයන්ගෙන් ප්රශ්න අසා හිරිහැර කරන තැනැත්තා.
ප්රශ්න පත්රය
නා. දැනුම විභාග කිරීම සඳහා සකස් කරන ලද ප්රශ්න ඇතුළත් ලිඛිත ව හෝ මුද්රිතව හෝ ඉදිරිපත් කරන ප්රශ්න පත්රිකාව.
ප්රශ්නය
1. නා. පැනය ; (දැනගනු කැමැත්තෙන් කරන) විමසීම ; විචාරණය ; විමසන ලද කරුණ.
2. කාරණය.
3. ගැටලුව ; විසඳීමක් අවශ්ය, අපේක්ෂිත දෙය.
4. (ග්රන්ථාදියක) පරිච්ඡේදය.
5. කරදරය ; හිරිහැරය ; ගැටලු සහිත සිද්ධිය.
ප්රශ්නාර්ථ ලකුණ
නා. ලේඛනයෙහි දී යම් ප්රකාශනයක් ප්රශ්නයක් බව ඇඟවීමට යොදන ‛?' යන විරාම ලකුණ ; ප්රශ්න ලකුණ.
ප්රශ්නෝත්තර ක්රමය
නා. ප්රශ්න මාලාවක දී ඊට ලැබෙන පිළිතුරු අනුව යම් තැනැත්තකුගේ පෞරුෂ ලක්ෂණ අවබෝධ කරගන්නා පරීක්ෂණ ක්රමය ; මනෝවිද්යාත්මක පරීක්ෂණ ක්රමයක්.
ප්රශ්වාස
වි. හුස්ම හෙළීම සම්බන්ධ ; ශ්වසන අවයවවලින් ඇදගන්නා වාතය පිට කිරීමට අදාළ.
ප්රශ්වාසය
නා. යම් ජීවියකු ස්වකීය ශ්වසන අවයවවලින් වාතය හෝ ජලය හෝ පිට කිරීම ; හුස්ම ගැනීමේ දී පෙණහලු තුළ පුරවා ගත් වාතය පිටතට යැවීම.
ප්රශ්රබ්ධිය
නා. (සිත කෙලෙස්වලින් මිදීමෙන් ඇති වන) සැහැල්ලු බව ; ශාන්ත බව ; නිවී යෑම.
ප්රශාඛය
නා. කලලයෙන් ශාඛාවක් හෙවත් ප්රත්යංගයක් ලෙස පැන නැගෙන අවයවය.
ප්රශාඛාව
1. නා. කුඩා අත්ත ; ප්රධාන ශාඛාවකින් විහිද ගිය කුඩා ශාඛාව ; රිකිල්ල.
2. (ආයතන, ආගමික, දාර්ශනික වැනි) ප්රධාන දෙයකින් ආරම්භ වී ලියලා වැඩී ගිය දෙය ; කිසියම් මූලයක සම්බන්ධතාව ඇති ව බෙදී පැතිරී ගිය දෙය.
ප්රශිෂ්යයා
නා. ශිෂ්යයාගේ ශිෂ්යයා ; ගුරු පරපුරකට අයත් ගෝලයකුගේ ගෝලයා.
ප්රශීල
වි. මැනවින් හික්මවන ලද ; සංවරණීය.
ප්රසංගය
1. නා. ඇලීම ; යෙදීම.
2. පැමිණීම.
3. කාම සංසර්ගය ; මෛථූනය.
4. අවස්ථාව.
5. අතුරු ප්රතිඵලය ; අතුරු සිදුවීම.
6. යෙදීම ; අන්තර්ගත කිරිම.
7. දැක්වීම.
8. නැටුම්, ගැයුම්, වැයුම් ආදි රැඟුම්.
ප්රසක්ත
වි. ඇලුණු ; ඇබ්බැහි වූ ; සොඬ ; ආසක්ත.
ප්රසක්තයා
නා. යම් කිසිවකට ඇලුණු තැනැත්තා ; යමකට ඇබ්බැහි වූ පුද්ගලයා ; ඖෂධයකට වහල් වූ තැනැත්තා.
ප්රසක්තිය
නා. දැඩි ඇල්ම ; මනා කැපවීම ; තද අභිලාෂය.
ප්රසන්න
1. වි. සතුටු ; පහන් ; පැහැදුණු සිත් ඇති.
2. පැහැදිලි බව ඇති ; දීප්තිමත් ; බබළන.
3. පැහැදිලි ; පවිත්ර ; පිරිසිදු.
ප්රසරය
1. නා. ඉදිරියට යෑම ; පැතිරීම ; විහිදීම.
2. ස්වකීය ස්ථානය හැර වෙන තැනකට යෑම.
3. වේගය ; ජවය.
4. සංචාරය ; ආගමනය.
5. ; (පාරිභා.) යම්කිසි ක්රියාවලියක් නිසා යම් ජීව හෝ අජීව අවයවයක අභිනවයෙන් ඇති වන වර්ධනය ; නෙරුම ; නෙරායෑම ; ඉදිරියට මතු වීම.
6. සමූහය ; රාශිය.
7. ආයාචනය ; ඉල්ලීම ; අයැද සිටීම.
8. ගඩුව ; බිබිළ.
9. යුද්ධය ; සංග්රාමය.
10. යකඩ ඊය.
ප්රසර්ජක
වි. අත් පා ආදි අවයව දිග හැරීමට උපකාර වන පේශීය හා සම්බන්ධ.
නා.ප්ර. ශරීරාවයවවල සන්ධි ස්ථාන අනුව ඒවා දිග හැරීමට උදවු වන පේශි විශේෂ ; ප්රසර්ජක පේශි.
ප්රසර්ජන
වි. දිග හැරීම කරන ; කෙළින් කරන ; විහිදෙන.
ප්රසර්ජනය
1. නා. දික් වීම ; විහිදීම ; විතතිය.
2. විහිදී ඇති දෙය ; විහිදවීම පිණිස යොදනු ලබන දෙය ; ශරීරයේ චර්ම ස්ථාන, අස්ථි සන්ධි යනාදිය විහිදී තිබෙන පරිදි යොදන වෙළුම් බන්ධන ආදියට අවශ්ය වෙළුම් පටි, පතුරු යනාදිය.