සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1053
ප්රසර්පණය
නා. ඉදිරියට යෑම ; පැතිරීම ; අන් අයකුගේ භූමියට ඇතුළු වී එය තමා සතු කර ගැනීම.
ප්රසව කරනවා
1. ක්රි. (දරුවන්) බිහි කරනවා ; ප්රසූත කරනවා.
2. පිටතට එළවනවා ; නිකුත් කරනවා ; හටගන්වනවා.
ප්රසව වේදනාව
නා. දරු ප්රසූතියක දී මවකට ඇති වන දුක, දරුවකු බිහි කිරීමේ දී ඇති වන වේදනාව.
ප්රසවය
1. නා. ඉපදීම ; උත්පත්තිය ;ජනිත වීම.
2. හට ගැනීම ; පහළවීම.
3. දරුවකු බිහි කිරීම ; දරු ප්රසූතිය සිදු වීම.
4. පලවර්ග.
5. මලමුත්රාදිය.
6. දරුවා.
ප්රසහයා
1. නා. කුඩා සතුන් ගොදුරු කොට ගන්න උකුසු, ගිජුළිහිණි ආදි සත්වයෙක්.
2. මස් කන සතා ; මාංසභක්ෂකයා.
ප්රස්කන්දනය
නා.ප්ර. පැනීම ; පතිතවීම ; අනුප්රවේශය.
ප්රස්කන්න
වි. ප්රවිෂ්ට වූ ; පිවිසියා වූ ; පැමිණි ; වැදුණු.
ප්රස්ඛලනය
නා. පැකිළීම ; පටලැවීම ; හැපීම.
ප්රස්ඛලිත
වි. පැකුලුණු ; පටලැවුණු ; හැපුණු.
ප්රස්තර යුගය
නා. පාෂාණ යුගය ; ගල් යුගය ; ශිලා යුගය.
ප්රස්තරය
1. නා. තලාව ; තලය ; තට්ටුව.
2. පාෂාණය ; ශිලාව ; ගල.
3. යමක් පැතුරුණු ප්රදේශය ; කොට්ඨාසය.
4. මට්ටම.
ප්රස්තාර කඩදාසිය
(පාරිභා.) නා. ප්රස්තාර ඇඳීම සඳහා උපයෝගී කර ගන්නා හරි හතරැස් කුඩා කොටු සහිත කඩදාසිය.
ප්රස්තාර කරනවා
ක්රි. දිග හරිනවා ; පතුරුවනවා ; විදහා දක්වනවා.
ප්රස්තාරය
1. නා. ඡන්දසකට අයත් සියලු වෘත්තවල ලඝු-ගුරු වින්යාසය දැක්වීම.
2. ගීතයක ස්වර විදහා දැක්වීම ; තාලය අංග විවරණය කිරීම.
3. සමූහය ; රාශිය ; ගොඩ.
4. රාශියක විචලනය දක්වන සටහන ; පරිමාණ, ප්රමාණ දක්වන රේඛා සටහන ; ගැටලුවක් පිළිබඳ කරුණු ඉස්මතු කර පෑමට අඳිනු ලබන රේඛා සටහන.
5. යන්ත්ර මන්ත්රාදිය රේඛාඞ්කිත කොට දැක්වීම.
6. යාගහෝම ඇරඹීමේ දී කරනු ලබන ප්රථම ගායනය ; ප්රස්තාවනා ගායනය.
ප්රස්තාව
1. නා.ප්ර. අවස්ථාව ; වේලාව.
2. කොටස ; කාණ්ඩය.
3. පටන් ගැනීම; ආරම්භය.
4. ආවාහය ; විවාහය.
ප්රස්තාව පිරුළ
නා. යම් ජීවිත තත්ත්වයක් හා ගැළපෙන පොදු සත්යයක් හෝ උපදේශයක් සපයන කෙටි ප්රකාශනය ; ආප්ත වචනය ; ස්ථානෝචිත කියමන ; තැනට සුදුසු කියමන ; උපදේශ වාක්යය.
ප්රස්තාවනාව
1. නා. ආරම්භය ; පෙරවදන ; පූර්විකාව.
2. නාටකාදියෙහි මුලට යෙදෙන හැඳින්වීම ; පූර්ව කථිතය.
ප්රස්තාවෝචිත
වි. තැනට සුදුසු ; තැනට ගැළපෙන ; අවස්ථාවෝචිත.
ප්රස්තුත
1. වි. එළඹ සිටි ; සඳහන් කළ ; වර්ණනා කිරීමට පැමිණි.
2. ප්රකර්ෂයෙන් ස්තූති කළ.
ප්රස්තූතය
1. නා. ඉදිරිපත් කරන ලද්ද ; පවසන ලද කාරණය ; මාතෘකාව ; කථිත වස්තුව ; ප්රාප්ත කාර්යය.
2. උපමේය වශයෙන් කියන වස්තුව.
3. (පාරිභා.) විසඳුම හෝ ආදර්ශය හෝ සහිතව ගැටලුවක් ඉදිරිපත් කිරීම.
ප්රස්ථානය
1. නා. පිටත්වීම ; ගමනාරම්භය ; ඉදිරිගමන.
2. කාය වේදනා ආදී ආරම්මණ අසුභය, දුකය ආදි වශයෙන් ගෙන, ඒ ආරම්මණවල සිත පිහිටුවීම.
ප්රස්ථාපනය
නා. පිහිටුවීම.
ප්රස්ථාපිත
වි. පිහිටුවන ලද ; ප්රතිෂ්ඨාපනය කළ.
ප්රස්ථිතිය
(පාරිභා.) නා. වෙනසක් වෙමින් හෝ නොවෙමින් හෝ කාලයක් පැවතීම.