සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1051
ප්රවේණි අයිතිය
නා. මව්පිය මුතුන් මිත්තන්ගෙන් හිමි ව එන අයිතිවාසිකම ; පරම්පරාගත හෙවත් පාරම්පරික උරුමය.
ප්රවේණි උරුමක්කාරයා
නා. මව්පිය පරපුරෙන් ලැබූ අයිතිවාසිකම් ඇත්තා ; පරපුරෙන් ලැබූ හිමිකම් ඇත්තා ; ප්රවේණි උරුමය දරන්නා.
ප්රවේණි කර්මාන්තය
නා. (ආදියේ සිට) පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන එනු ලබන වෘත්තිය ; පාරම්පරික කර්මාන්තය.
ප්රවේණි දර්ශනය
නා. සමාන ප්රවේණ්යනුඝටනාවක් ඇති සමූහය ; ජීවීන්ගේ ජාත සමීකරණය.
ප්රවේණි දාසයා
නා. අධිපතියකුගේ ප්රවේණි නින්දගමෙහි වාසය කරමින් එහි භුක්තියේ හිලව්වට ඔහුට මෙහෙ කිරීමට පරම්පරාගත ව බැඳී සිටින්නා ; පරම්පරාවෙන් කිසියම් පවුලකට දාසකම් කරන්නා.
ප්රවේණි ධර්මය
නා. පරපුරෙන් පැවත එන ගුණ ධර්මය ; වංශ පරම්පරාවක් පාසා අනුගමනය කරන පිළිවෙත.
ප්රවේණි විද්යාව
නා. ජනකයන්ගෙන් ජනිතයනට උරුමවන ගති ලක්ෂණ ස්වභාව ආදිය පිළිබඳ ව කරුණු පැහැදිලි කරන ශාස්ත්රය ; ආවේණිය සහ විචලනය පිළිබඳ අධ්යයනය.
ප්රවේණිය
1. නා. පාරම්පරික අයිතිය ; පාරම්පරිකව එන අයිතිවාසිකම්/හිමිකම්.
2. නොකැඩී පවතින සම්බන්ධය ; අඛණ්ඩ සම්බන්ධතාව.
3. චිරාගත ප්රතිපදාව ; වංශචාරිත්රය ; සම්ප්රදායය.
4. සන්තතිය ; පරම්පරාව.
5. දරුමුණුපුරු පරපුර ; පරම්පරා ඝටනාව ; වංශ ප්රබන්ධය.
6. (පාරිභා.) පූර්වජයාගෙන් උරුම වන ගති ගුණ රූප ලක්ෂණාදිය.
වි. පරම්පරාවෙන් අයිති ; ජන්මයෙන් උරුම වූ.
ප්රවේණීය බහුරූපතාව
නා. සම ස්වරූපී ප්රවේණියකින් විෂම ස්වරූපී ජනිතයන් උද්භවවීම.
ප්රවේපනය
නා. වේගයෙන් කැලඹීම ; අධික කම්පනය ; බලවත් කම්පාව.
ප්රවේශ කරනවා
ක්රි. යමක් ඇතුළට බහාලනවා ; ඇතුළු කරනවා ; අන්තර්ගත කරනවා.
ප්රවේශ පත්රය
නා. අවසර ඇති ව පිවිසිය යුතු තැනකට ඇතුළුවීම සඳහා දෙන බලපත්රය ; අවසර පත්රය.
ප්රවේශ මාර්ගය
1. නා. යමකට පිවිසෙන මාර්ගය.
2. බළකොටුවක් තුළට සතුරනට පිවිසීම අතිදුෂ්කර වන සේ ඉදිකරන ලද මං පෙත.
ප්රවේශනය
1. නා. ඇතුළුවීම ; පිවිසීම.
2. ඇතුළු කරවීම ; පිවිසවීම.
3. ඇතුළුවන ස්ථානය.
4. (පාරිභා.) (ලේ වායු ආදිය) ශරීරගත කිරීම.
ප්රවේශය
1. නා. ඇතුළුවීම ; ඇතුළත් වීම ; බහාලීම; පිවිසීම.
2. හැඳින්වීම.
3. ඉගෙනීම ; හැදෑරීම ; අධ්යයනය.
4. දොර ; දොරටුව ; ද්වාරය.
5. එළැඹීම ; පැමිණීම ; උපස්ථිතිය.
6. විනිවිද යෑම ; විදීම ; කාවැදීම.
ප්රවෛධික
වි. කල්පනාව යොමු කරවන ; අවධානය යොමු කරවන.
ප්රශංසනය
1. නා. පැසසුම ; ගුණවැනුම ; ප්රශංසාව.
2. (පාරිභා.) දෙවියන් කෙරෙහි ආසක්තව කටයුතු කිරීම ; (දෙවියන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා) කීර්තනය කිරීම.
ප්රශංසනීය
1. වි. පැසසිය යුතු ; ගුණ වර්ණනා කළ යුතු, ප්රශංසාවට භාජන කළ යුතු.
2. (පාරිභා.) විස්මයාවහ අයුරින් දැකිය යුතු ; සෘද්ධි බල ආදියෙන් සමන්විත යැයි සැලකිය යුතු.
ප්රශංසා
වි. පැසසුම් සහිත ; ගුණවර්ණනාත්මක.
ප්රශංසාර්හ
වි. පැසසුම් ලැබීමට සුදුසු; ගුණ කීර්තනයට යෝග්ය ; ස්තූති ප්රශංසා කිරීමට උචිත.
ප්රශක්ත
වි. පවත්නා ; යෙදුණු ; ක්රියාත්මක වූ.
ප්රශක්ති පහන
නා. වීදුරු බටයක නොහොත් ගෝලාවක පුරවන ලද ගෑස් දැල්වීමට සැලැස්වීමෙන් ආලෝකය ලබා ගන්නා පහන් වර්ගය.
ප්රශමනය
1. නා. කෙලෙස්, ධූලි ආදිය සමනය වීම ; සන්සිඳීම ; සමනය කිරීම.
2. (රෝගාබාධයට කරන) ප්රතිකාරය ; පිළියම ; ලෙඩ දුක් ආදිය සුවපත් කිරීම.
ප්රශස්ත
1. වි. ප්රශංසා කරන ලද ; පැසසූ ; ගුණ කීර්තනය කළ.
2. උතුම් ; උසස් ; ශ්රේෂ්ඨ ; ප්රවර.
3. ඉතා හොඳ ; බෙහෙවින් හිතකර ; මැනවින් යෝග්ය.
4. (පාරිභා.) ප්රමිත තත්ත්වයට අදාළ ; ප්රාමාණික වර්ගීකරණයට යොදාගත හැකි.