සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1050
ප්රවීක්ෂණය
නා. කල්තියා දැනගැනීම ; ඉදිරියේ දී වන ලාභාලාභ පිළිබඳව දැනගත හැකි වීම.
ප්රවීණ
1. වි. දක්ෂ ; සමර්ථ ; කුසලතාවෙන් යුතු.
2. විශිෂ්ට ; අවබෝධයක් ඇති ; මුහුකුරා ගිය ඥානයෙන් යුතු.
3. වැදගත් ; උසස්.
ප්රවීණයා
නා. දක්ෂයා ; විශාරදයා ; කෘතහස්තයා.
ප්රවීර
1. වි. මහත් වූ ධෛර්යයෙන් යුතු ; උත්කෘෂ්ට වීර ගුණයෙන් සමන්විත ; අතිශයින් නිර්භීත.
2. අති ශ්රේෂ්ඨ ; ඉතා උතුම්.
3. බලවත් ; බලසම්පන්න.
ප්රවීරයා
1. නා. උත්කෘෂ්ට වීරගුණ සම්පන්නයා ; මහා වීරයා.
2. බලසම්පන්නයා ; බලවතා.
ප්රවෘත්ත
1. වි. පැවති ; පවත්නා ; තිබෙන.
2. පැවැත්වුණු ; පවත්වන ලද ; කාර්යානුසාරි ; කරන ලද්දා වූ.
3. කියන ලද ; දේශිත ; ප්රකාශිත.
ප්රවෘත්තය
නා. පැවැත්ම ; ස්ථිතිය.
ප්රවෘත්තයා
1. නා. යෙදෙන්නා ; යෙදී සිටින්නා ; නියුක්තයා.
2. පවතින්නා ; පවත්වන්නා ; සිටින්නා.
ප්රවෘත්ති කථාව
නා. යම් කිසිවක ආරම්භයේ පටන් පැවත ගෙන එන ආකාරය සම්බන්ධ විස්තරය ; සිද්ධියක් පිළිබඳ තොරතුරු විස්තරය ; ඉතිහාසය.
ප්රවෘත්ති කාලය
නා. (අභි.) ප්රතිසන්ධිය හා චුතිය අතර කාලපරිච්ඡේදය ; පවත්නා කාලසීමාව.
ප්රවෘත්ති නිවාරණය
නා. පැවැත්ම නැති කිරීම ; ස්ථිතිය වැළැක්වීම.
ප්රවෘත්ති නිවේදනය
1. නා. තොරතුරු දැනුම් දීම ; පුවත් පැවසීම ; වාර්තා කථනය.
2. තොරතුරු දැනුම් දෙමින් ලිඛිත ව හෝ සමූහ මාධ්යයක් මගින් ප්රකාශ කොට හෝ කරන දැන්වීම.
ප්රවෘත්ති පත්රය
නා. මහජනයා වෙත ආරංචි සපයන ප්රකාශනය ; දේශීය-විදේශීය ආරංචි දීම සඳහා නියමිත කාලසීමාවකට වරක් පළ කරනු ලබන ප්රකාශනය.
ප්රවෘත්ති පාඨය
නා. යම්කිසි තොරතුරක් ගැන පුවත්පතක පළ වන වාර්තාව ; පුවත්පතක පළ වී ඇති පුවත. එසේ නැතහොත් ප්රවෘත්ති පිළිබඳ ශීර්ෂ පාඨය.
ප්රවෘත්ති පාලක
නා.ප්ර. ජන සන්නිවේදන මාර්ගවලින් ප්රචාරය කරනු ලබන තොරතුරු, ආරංචි, ලිපි ආදිය අනුමත කිරීමේ අධිකාර බලය ලත් නිලධාරියා ; රටක හදිසි තත්ත්වයක් ඇති වූ විටක ජනතාවගේ සාමයට බාධා වන ප්රවෘත්ති පළවනු වැළැක්වීම සඳහා පත් කරන නිලධාරියා.
ප්රවෘත්ති විපාකය
නා. (අභි.) ප්රතිසන්ධියෙන් පසු, චුතිය දක්වා වන කාලසීමාව තුළ පල දෙන කර්ම විපාකය ; ජීවිතය පවතිද්දී ලැබෙන පව්-පින් පලය.
ප්රවෘත්ති ශීර්ෂය
1. නා. චිත්ත පරම්පරාව නොසිඳිය දී පාලනය කරන බලය ; චිත්ත සන්තතියේ පාලන ධර්මය ; ජීවිතේන්ද්රියය.
2. පුවත්පතක පළ කරනු ලබන පුවතකට යොදනු ලබන මාතෘකා පාඨය ; ශීර්ෂ පාඨය ; සිරස්තලය.
ප්රවෘත්ති සංස්කාරක
නා.ප්ර. ප්රවෘත්ති පත්ර ආයතන ආදියට ලැබෙන පුවත් පළ කිරීමට හෝ ප්රකාශ කිරීමට හෝ සුදුසු පරිදි සකසා ඉදිරිපත් කරන නිලධාරියා.
ප්රවෘත්තිය
1. නා. පුවත ; තොරතුරු ; වෘත්තාන්තය.
2. පැවැත්ම ; පැවතීම ; ස්ථිතිය.
3. හැසිරීම ; පැවතුම; චර්යාව.
4. ජීවන මාර්ගය ; ජීවත්වීමේ ක්රමය ; ජීවන පටිපාටිය.
5. ක්රියාවේ යෙදවීම ; කාර්යානුයෝගය ; කර්ම ප්රයෝගය.
6. ක්රියාවන් කිරීම අරමුණු කොටගෙන කරන උත්සාහය ; කාර්යාරම්භය ; යත්නය.
7. තත්ත්වය ; පිළිවෙළ ; ස්වභාවය.
8. වැටුප ; බැරපැන.
ප්රවෘද්ධ
1. නා. බෙහෙවින් මහලු වූ ; බොහෝ සෙයින් වයසට ගිය ; අතිශයින් වෘද්ධ.
2. හොඳට වැඩුණු ; ශක්ති සම්පන්න ; පුෂ්ටිමත්.
3. වැඩි වුණු ; අධික වූ ; වෘද්ධියට පත්.
4. ප්රෞඪ ; අභිමානවත්.
5. ඉතා දැඩි.
ප්රවෘද්ධි
නා.ප්ර. වැඩීම ; වැඩි වීම; වර්ධනය.
ප්රවේගය
නා. චලනය වීමේ ශීඝ්රතාව ; කිසියම් නිශ්චිත දිශාවක් දෙසට එක එල්ලේ චලනය වන්නා වූ වේගය ; එක් දෙසකට යොමු ව ක්රියාත්මක වන අධික වේගය.
ප්රවේණ්යණුව
[ප්රවේණි + අණුව]
නා. වර්ණදේහ තුළ එක පෙළට පිහිටා ඇතැයි සැලැකෙන අණුව ; ආවේණික ලක්ෂණ පිළිබඳ සම්ප්රේෂණ හා විකසන කාර්ය ඉටු කරන ඒකකය ; ජානය.
ප්රවේණි අණුව
නා. දෙමව්පියන්ගේ සහ පරම්පරාවේ ගති හා රූප ලක්ෂණ ජනිතයා කෙරෙහි ඇති කරවන අති සියුම් ජනකාණු කොට්ඨාසය.