පැන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රකට කොට දැනීම ; විශිෂ්ට වූ දැනුම ; මනාදැනීම ; ප්රඥාව.
2. පිළිවිසිය යුතු ගැටලුව ; විමසිය යුතු කරුණ ; ප්රශ්නය.
3. පුන්කලස ; පූණ ඝටය.
1. නා. පැන නැඟී ඇති ගැටලුව ; විසඳිය යුතු කාරණය ; ප්රශ්නය.
2. බීමට සුදුසු වතුර; පානීය ජලය.
3. ජලය මිශ්ර කොට සාදාගත් බීම වර්ගය ; පානය.
4. නුවණ ; ප්රඥාව.
5. කළය ; ඝටය.
6. අත්හළ දෙය ; හැර දැමු දෙය.
7. මල පුඩුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රශ්නය; ගැටලුව (පා. පඤ්හ සං. ප්රශ්න) 2. පානීය ජලය (පා. සං. පාන, පානීය) 3. අත්හැර දැමූ දෙය (පා. පහීන) 4. ප්රඥාව; නුවණ (පා. පඤ්ඤා සං. ප්රඥා) 5. මලපුඩුව (පා. පණ්ණ)