සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1077
පැතලි ඇට
නා.ප්‍ර. මිනිස් සිරුරෙහි පිහිටි අස්ථි අතර ගනකමින් අඩු ව පළල් ව පිහිටි අස්ථි විශේෂය.
පැතලි කටුව
නා. ලෝහ කපන කටු සතර වර්ගයෙන් එකක්.
පැතලි කප්පිය
(පාරිභා.) නා. ඝනකමින් අඩු පළලින් වැඩි බොලොක්කය.
පැත්ත
1. නා. දිසාව ; පෙදෙස ; ප්‍රදේශය.
2. පිළ ; පක්ෂය ; කණ්ඩායම.
3. පාර්ශ්වය ; අංශය ; කොටස.
පැති කටුව
(පාරිභා.) නා. මට්ටම් කිරීම සඳහා භාවිත කරන ආයුධයක්.
පැතිකඩය
(පාරිභා.) නා. පැත්තකින් බැලූ විට පෙනෙන අන්දම ; බාහ්යරූපය.
පැතිකෙවුම
(පාරිභා.) නා. ගෘහ සැලැස්මක ප්‍රධාන දොර ඉදිරිපස වූ පිල් කෙළවර ; අක්දෙරිය.
පැතිරෙනවා
ක්‍රි. ව්‍යාප්ත වෙනවා ; විහිදෙනවා ; ප්‍රසාරණය වෙනවා ; පතළ වෙනවා ; විසිරෙනවා.
පැදකුණු
නා.ප්‍ර. යමකට හෝ යමකුට ගරු කිරීම පිණිස එදෙසට දකුණත සිටින සේ වාර කීපයක් වටා යාම ; ප්රදක්ෂිණාව.
පැද්දෙනවා
1. ක්‍රි. ඔන්චිල්ලාව මෙන් පැත්තෙන් පැත්තට හෝ ඉදිරියට පස්සට තල්ලු වෙනවා ; දෝලනය වෙනවා.
2. ස්ථිර නිගමනයක් හෝ අධිෂ්ඨානයක් නැති ව නිතර නිතර වෙනස් වෙනවා ; චපල බවින් යුතු වෙනවා.
පැදුම් දිග
නා. නැගෙනහිර දිශාව ; පෙරදිග.
පැදුර
නා. පන් ලණු ආදියෙන් වියනු ලබන ආස්තරණ විශේෂය.
පැදුරු ආන
නා. පැදුරු අකුලා එල්ලා තබන සාල්ල.
පැන
1. නා. පැන නැඟී ඇති ගැටලුව ; විසඳිය යුතු කාරණය ; ප්රශ්නය.
2. බීමට සුදුසු වතුර; පානීය ජලය.
3. ජලය මිශ්‍ර කොට සාදාගත් බීම වර්ගය ; පානය.
4. නුවණ ; ප්‍රඥාව.
5. කළය ; ඝටය.
6. අත්හළ දෙය ; හැර දැමු දෙය.
7. මල පුඩුව.
පැන නඟිනවා
ක්‍රි. මතු වෙනවා ; පහළ වෙනවා ; උපදිනවා ; හටගන්නවා.
පැනවත්
නා.ප්‍ර. ප්‍රඥාව ඇත්තා ; ප්‍රඥාවන්තයා ; ප්‍රාඥයා.
වි. නුවණින් යුතු ; ප්‍රඥාව ඇති.
පැනසර
වි. ප්‍රඥාවෙන් සාර ; ප්‍රඥාවන්ත.
නා.ප්‍ර. පැනෙහි හෙවත් දියෙහි හැසිරෙන්නා වන මාළුවා.
පැන්
නා.ප්‍ර. දිය ; ජලය.
පැන් මඩවනවා
ක්‍රි. වතුරෙන් අනා මිරිකනවා ; පැනින් මඩිනවා.
පැන්ගෙය
නා. දිය නෑම සඳහා සකස් වී ඇති ගෘහය ; නාන ගෙය ; පැන්කොටුව.
පැන්ටෝග්රාපිය
නා. කිසියම් සිතියමක් හෝ රූ සටහනක් හෝ එහි පරිමාණයට නොහොත් වෙනස් පරිමාණයකට ඇඳ ගැනීමට උපයෝගී කරගන්නා උපකරණය.
පැන්ටෝමයිම්
නා.ප්‍ර. වචන භාවිතය නැති ව අංග චලනයෙන් පමණක් අදහස් හඟවන නාට්‍ය විශේෂය ; අභිනය නාට්‍ය.
පැන්තලිය
නා. පැන් දමු පැතැලි බඳුනක් ; මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මග අසල හෝ අම්බලමක් ළඟ තබා ඇති පැන් බඳුන ; පැන් කළය.