පැසවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (තුවාලයක්) ඉදිමී වේදනාවෙන් යුක්ත වනවා ; පැහැවනවා.
2. (සෙම) අපිරිසිදු වී දුර්වර්ණ වෙනවා.
3. (ආහාර) දිරවනවා.
4. (සුරා, ආසව) පල් වෙනවා ; පදම් වෙනවා.
5. රත් වෙනවා ; තැම්බෙනවා ; ගින්නෙන් පැහෙනවා.
6. මෝරනවා; ධාන්‍යාදිය මුහුකුරා යනවා.
7. යම් ගැටලුවක් සිතෙහි පුන - පුනා පැන නඟිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. boil
2. v. brew
3. vti. digest
4. vi. fester
5. vti. mellow
6. peptize