පිණ්ඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගුළි කරනු ලැබූ දෙය ; පිඬු කළ දෙය ; කැටිය ; පිඬ ; වරකට මුව තුළට ගන්නා ආහාර ටික
2. සාරය ; සාරාංශය.
3. මූර්තය ; ආකෘතිය.
4. සංඛ්‍යා එකතු කිරීම වැනි ගණන් ක්‍රමයකින් ලබාගන්නා ඵලය හෙවත් උත්තරය.
5. මියගියවුන් පිණිස දෙන ආහාර දානය.
6. යකඩ.
7. ශක්තිය ; බලය.
8. සුගන්ධ ද්‍රව්‍යය ; සුවඳ ලාටු.
9. කලල රූපය.
10. කප්පිය ; ගුටකය ; බොලොක්කය.
11. නෙරීම ; ඉදිමුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගුළි කරනු ලැබූ දෙය; කැටිය/ වරකට මුව තුළට ගන්නා ආහාර ප්‍රමාණය/ සාරය/ ශක්තිය; බලය (පා. සං. පිණ්ඩ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. agglomeration
2. n. ball
3. n. clot
4. n. conglomeration
5. n. food
6. knob
7. n. lump
8. Civ. pig