අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 215
පිටුබලය
නා. උදව්ව; උපකාරය; පිටුවහල
පිටුවහල් කරනවා
ක්‍රි. පිට පෙදෙසකට නෙරපා හරිනවා
පිඩැල්ල
නා. උදලු පහරකට වරකට කැපෙන පස් පිඩ/ තණකොළ ද සමග උදැල්ලෙන් කපාගත් පස් කුට්ටිය
පිණනවා
ක්‍රි. සතුටු වෙනවා; සොම්නසට පත්වෙනවා (සං. ප්රීණයති)
පිණ්ඩපාතය
නා. ආහාර පිඬු පාත්‍රයට ලබා ගැනීම; පිඬු සිඟීම (පා. පිණ්ඩපාත)
පිණ්ඩය
නා. ගුළි කරනු ලැබූ දෙය; කැටිය/ වරකට මුව තුළට ගන්නා ආහාර ප්‍රමාණය/ සාරය/ ශක්තිය; බලය (පා. සං. පිණ්ඩ)
පිණ්ඩාර්ථය
නා. සංක්ෂිප්ත කළ අර්ථය
පිණ්ඩිත
වි. කැටි කරන ලද (සං. පිණ්ඩිත)
පිණිපා
නා.ප්‍ර. ගරු සරුව පා නැමදීම; වැඳීම
පිණිස
නි. සම්ප්‍රදාන විභක්ති අර්ථ දක්වන නිපාතය; සඳහා; උදෙසා; නිසා
පිණී
වි. ප්‍රණීත (පා. පණීත සං. ප්‍රණීත)
පිඬු සිඟනවා
ක්‍රි. බෞද්ධ භික්ෂූන් ගෙන් ගෙට වැඩ ආහාර සපයා ගන්නවා
පිත්තාශය
නා. අක්මාවේ යටි පැත්තේ දකුණු පසට සම්බන්ධ පිත රැස් වන කෝෂය (සං. පිත්තාශය)
පිතෘ
නා.ප්‍ර. පියා; තාත්තා/ මියගිය තැනැත්තා; පරලොව ගිය ඥාතියා (සං. පිතෘ පා. පිතු)
පිතෘඝාතකයා
නා. පියා නැසූ තැනැත්තා (සං. පිතෘඝාතක)
පිතෘත්වය
නා. පිය බව; පිතෘ භාවය (සං. පිතෘ)
පිතෘමූල
වි. පියා මුල් වූ; පියාගේ ප්‍රධානත්වය ඇති (සං. පිතෘමූල)
පිදේනිය
නා. බලි තොවිල් ආදියේ දී යක්ෂ ප්රේතාදීන්ට පුදන ආහාර පානාදිය; පිදවිල්ල
පිධානය
නා. වැස්ම/ මසුන්ගේ හිස දෙපසේ සෑදි ඇති පියන්පත/ කපාටය; වෑල්වය (සං. පිධාන)
පින
නා. යහපත් ක්‍රියාව; කුසලය (පා. පුඤ්ඤ සං. පුණ්‍ය)
පින්කම
නා. පුණ්‍යකර්මය (පා. පුඤ්ඤකම්ම)
පින්තූරය
නා. සිතුවම; ඡායාරූපය (පුර්. pintur)
පින්සෙණ්ඩු
නා.ප්‍ර. පිංසෙණ්ඩු
පිනි
නා.ප්‍ර. හිමිදිරියේ තණකොළ පත්‍ර ආදියේ වැටී තිබෙන සිහින් සිසිල් දිය බින්දු (දෙ. பனி)