අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 216
පිනිදිය
නා. සුවඳ කළ ජලය; පිනිදියර
පිනිපා
1. නා.ප්‍ර. චන්ද්‍රයා 2. ඇතා 3. හාවා
පිනුම
නා. පැනීමෙන් කරන ක්‍රීඩාව; කරණම
පිපිඤ්ඤා
නා. එළවළු විශේෂයක්
පිපිහළු වෙනවා
ක්‍රි. ඇඟ ඉදිමී සුදුමැලි වෙනවා
පිඹුර
නා. ඉඩමක මායිම් ආදිය දැක්වෙන සිතියම; සැලැස්ම (පුර්. pigura)
පියගැටපෙළ
නා. පඩිපෙළ
පියඹ
නා. ස්ත්‍රිය/ භාර්යාව/ ස්ත්‍රී-පුරුෂ සංවාසය/ ශෘංගාර රසය (සං. ප්‍රියාම්බිකා)
පියලි
නා.ප්‍ර. රෙදි කැබැල්ල/ පියවිළිය; පාවාඩය/ පහන් තිරය/ පලුව; බෑය
පියවිළිය
නා. පාවාඩය
පියාණ
නා.ප්‍ර. ගරු කටයුතු පියා
පියාඹනවා
ක්‍රි. පියාසර කරනවා
පිරමාණ
නා.ප්‍ර. කීකරුකම; යටහත් පහත් බව
පිරිනමනවා; පිරිණමනවා
ක්‍රි. පිළිගන්වනවා; පුදනවා (පා. පරිණාමෙති)
පිරිනිවන් පානවා
ක්‍රි. පරිනිර්වාණයට පත් වෙනවා
පිරිනිවන් මඤ්චකය
නා. බුද්ධ පරිනිර්වාණය සිදු වූ යහන/ පරිනිර්වාණ ඉරියව්ව (පා. පරිනිබ්බාන මඤ්චක)
පිරිපහදුව
නා. ඛනිජ තෙල් ආදිය ශුද්ධ කරන ස්ථානය; ප්‍රසාදනාගාරය
පිරිවානා
වි. කටපාඩමෙන් කියන්නා වූ; සමූහ වශයෙන් කියන
පිරිවුළු
නා.ප්‍ර. තාවකාලික ව ලබාගත් දෙය; තහවුරු නොවන දෙය/ ණයට ගත් දෙය/ ගනුදෙනුව (පා. පරිවට්ටිත)
පිරිවෙන
නා. ආවාසය; සංඝාවාසය/ අධ්‍යයන ආයතනය (පා. පරිවෙණ)
පිරුළ
නා. ආප්තෝපදේශය/ ණයට ගත් දෙය/ ප්රශ්නය/ පිළිතුර/ තෑග්ග/ වෙළඳාම (පා. පරිවට්ට)
පිල
1. නා. පැත්ත; පාර්ශ්වය 2. මොනර පිහාටුව; පිච්ඡය (පා. සං. පිච්ඡ)
පිලන්ධනය
නා. පැලඳීම/ පලඳනාව
පිලවා
නා. කෘමියකුගේ කීට හා සුහුඹුල් යන අවස්ථා දෙකට මැදි අවස්ථාව/ පැටවා; පෝතකයා (පා. පිල්ලක)