අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 217
පිල්කඩ
නා. ආලින්දය; වේදිකාව
පිලි
නා.ප්‍ර. ස්වර ලකුණ; පිල්ලම
පිලිස්සීම
නා. ගින්නෙන් හෝ රසායනිකයකින් දැවීම; පිච්චීම
පිශාචයා
නා. ප්‍රේත විශේෂයක් (පා. පිසාච සං. පිශාච)
පිශූන වචනය
නා. කේලාම් බස (සං. පිශුනවචන)
පිෂ්ටය
නා. කාබෝහයිඩ්රේට්; පිටි (සං. පිෂ්ට)
පිසුණු
නා.බහු. කේලාම් (පා. පිසුණා)
පිහිටාධාරය
නා. උදව්ව; උපකාරය; ආධාරය
පිහිනුම් තටාකය
නා. පිහිනීම සඳහා සකස් කරගත් ජලාශය
පිළ
නා. ආලින්දය/ වේදිකාව/ පීඨිකාව/ පඩිය; පා තබන ගල (පා. සං. පීඨ, පීඨක)
පිළා
නා. උපතේදීම කොර වූ තැනැත්තා (පා. පඞ්ගුල)
පිළි
නා.ප්‍ර. වස්ත්‍ර
පිළිකඩ
නා.ප්‍ර. චෛත්‍ය, ගොඩනැගිලි ආදිය වටා ඇති කුඩා බැම්ම; වේදිකාව/ රෙදි වියන යන්ත්‍රයේ එකතු වන රෙදි කඩ
පිළිකන්න
නා. ගෙයි පිටුපස කොටස; බිතක්කන
පිළිකාව
නා. ශරීරයෙහි සෛල අසාමාන්‍ය ලෙස සෑදීමෙන් හට ගන්නා ව්‍යාධියක් (පා. පිළකා සං. පීඩක)
පිළිකුල
නා. අප්‍රියභාවය; අරුචිය (පා. පටික්කූල)
පිළිකෙව්
වි. නොපිළිගත්/ අප්‍රසන්න (පා. පටික්ඛෙප සං. ප්රතික්ෂෙප)
පිළිගැනීම
නා. භාර ගැනීම; ප්‍රතිග්‍රහණය (පා. පටිග්ගහණ සං. ප්‍රතිග්‍රහණ)
පිළිණ
නා.ප්‍ර. පොරොන්දුව; ගිවිසීම/ පිළිගැනීම; එකඟවීම/ බාරය; ඇප වීම (පා. පටිඤ්ඤා සං. ප්‍රතිඥා)
පිළිතුර
නා. උත්තරය
පිළිනි
වි. ප්‍රයෝජනයට ගත නොහැකි; නරක් වූ
පිළිපදිනවා
ක්‍රි. නියමයක් හෝ පිළිවෙතක් අනුව ක්‍රියා කරනවා (පා. පටිපජ්ජති)
පිළිපන්
වි. පැමිණි; පිවිසි (පා. පටිපන්න සං. ප්‍රතිපන්න)
පිළිබඳ
වි. අයත් වූ; සම්බන්ධ වූ/ සම්බන්ධ විභක්ති අර්ථය ගෙන දෙන පදයක් (පා. පටිබද්ධ සං. ප්‍රතිබද්ධ)