අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 218
පිළිබිඹුව
නා. සමාන රූපය/ පිළිරුව; ප්‍රතිමාව (පා. පටිබිම්බ සං. ප්‍රතිබිම්බ)
පිළිමය
නා. මැටි වැනි දෙයින් නෙළන ලද රූපය (පා. පටිමා සං. ප්‍රතිමා)
පිළිමල්
වි. විරුද්ධකාර; හතුරු; ප්රතිමල්ල; ප්රතිමල්ලව (පා. පටිමල්ල සං. ප්රතිමල්ල)
පිළිමිණි
නා.ප්‍ර. පළිඟු මැණික් (සං. ස්ඵටිකමණි)
පිළියම්
නා.ප්‍ර. ප්‍රතිකාරය; චිකිත්සාව/ රෝගී උපස්ථානය/ උපක්‍රමය (පා. පටිකම්ම සං. ප්‍රතිකර්ම)
පිළියෙල
නා.ප්‍ර. සම්පාදනය; සැකසීම (පා. පටියාදෙති)
පිළිරැව්
නා.ප්‍ර. ප්රතිරාව (සං. ප්රතිරාව)
පිළිරුව
නා. ප්‍රතිමාව (පා. පටිරූප සං. ප්රතිරූප)
පිළිලය
නා. පරපෝෂිත ශාකය/ අවහිරය; බාධාව
පිළිවදන
නා. උත්තරය; ප්‍රතිවචනය (පා. පටිවචන)
පිළිවන්
වි. පුළුවන්
පිළිවහණ
නා. ස්ඵටික මාණික්‍යය; පළිඟු ගල
පිළිවැස්ම
නා. හට්ටි, පෙට්ටි ආදිය ගෙන යෑමට ගොක්කොළවලින් සාදා ගන්නා කූඩය
පිළිවිසිනවා
ක්‍රි. විමසනවා; ප්‍රශ්න කරනවා (පා. පටිපුච්ඡති)
පිළිවෙත
නා. පිළිපැදිය යුතු නියමය (පා. පටිපත්ති සං. ප්‍රතිපත්ති)
පිළිවෙල
නා. විධිමත් ආකාරය/ නියමය (පා. පටිපාටි සං. පටිපාටි)
පිළිසකර
නා.ප්‍ර. නැවත සකස් කිරීම; ප්‍රතිසංස්කරණය
පිළිසන්
වි. ආවරණය වූ; වැසුණු (පා. පටිච්ඡන්න) නා.ප්‍ර. 1. ප්රතිසන්ධිය; නැවත ඉපදීම (පා. පටිසන්ධි) 2. සමවතින් සිටීම; විවේකය (පා. පටිසල්ලාන)
පිළිසඳර
නා. හිතවත් ව කතාබහ කිරීම (පා. පටිසන්ථාර)
පිළිසරණ
නා.ප්‍ර. සරණ; පිහිට/ ආරක්ෂාව; රැකවරණය (පා. පටිසරණ සං. ප්‍රතිසරණ)
පිළිසිඳ
නා. මවු කුස ගැබ් ගැනීම/ හැඟීමක් ඇතිවීම (පා. පටිසන්ධි)
පිළිසිඹියා
නා.ප්‍ර. කෙලෙස් පහකළ උතුමන්ට ඇති වන ශ්‍රේෂ්ඨ ඥානය (පා. පටිසම්භිධා)
පිළිහුඩුවා
නා. මත්ස්‍යයන් අනුභව කොට ජීවත් වන කුරුල්ලකුගේ නාමය
පිළී ගඳ
නා. මාළු ගඳ; පිළිකුල් ගඳ