පිළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෘහ මණ්ඩප ආදියෙහි ඉදිරිපසින් ම පවතින කොටස ; දොරපිළ ; ඉස්තෝප්පුව ; ආලින්දය.
2. පිළෙහි කෙළින් දිගට උස් කොට තැනූ තීරුව ; වේදිකාව.
3. පා තැබීමට සාදන ලද පඩිය.
4. හිඳ ගැන්මට සාදන ලද කුඩා වේදිකාව ; පීඨිකාව.
5. පීඩාව ; පෙළීම.
6. ඇඳුම ; වස්ත්රය.
7. කෙළවර ; කොන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආලින්දය/ වේදිකාව/ පීඨිකාව/ පඩිය; පා තබන ගල (පා. සං. පීඨ, පීඨක)