සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1095

පිහියා හනගල

(පාරිභා.) නා. පිහිය මුවහත් තබන ගල් විශේෂයක්.

පිහිර

1. නා. යකඩ ආදි තද දේ කැපීම, ගෑම හෝ මට්ටම් කිරීම් ආදියට භාවිත කරන අත් මෙවලමක්.
2. (භෞති.) සිදුරකින් නිකුත් කෙරෙන තරල ධාරාව ; චංචුව.

පිහිරනවා

1. ක්‍රි. දෙපසට කරනවා.
2. කෙස් ආදිය අවුල් හැර සකස් කරනවා.

පිහිල්ල

1. නා. දිය බැස යාමට සලස්වන උපකරණය ; පණල ; ද්‍රෝණිය ; ප්‍රණාලිය.
2. දුම්රිය, විදුලි රිය ආදියෙහි රෝද ගමන් කරවීම සඳහා දමා තිබෙන ලෝහමය ධාරක කඳ.

පිළ

1. නා. ගෘහ මණ්ඩප ආදියෙහි ඉදිරිපසින් ම පවතින කොටස ; දොරපිළ ; ඉස්තෝප්පුව ; ආලින්දය.
2. පිළෙහි කෙළින් දිගට උස් කොට තැනූ තීරුව ; වේදිකාව.
3. පා තැබීමට සාදන ලද පඩිය.
4. හිඳ ගැන්මට සාදන ලද කුඩා වේදිකාව ; පීඨිකාව.
5. පීඩාව ; පෙළීම.
6. ඇඳුම ; වස්ත්‍රය.
7. කෙළවර ; කොන.

පිළන්ධනය

නා. පැලඳීම ; ඔටුනු පැලඳීම ; ආභරණ පැලඳීම.

පිළවා

1. නා. මැසි, පණු ආදීන්ගේ පැටියා ; කුඩා පණුවා.
2. ළපැටි සතා ; පැටියා ; පෝතකයා.

පිළා

නා. උපතේ දීම කොර වූ තැනැත්තා.

පිළි

උ. සිංහලයෙහි තද්භව වශයෙන් යෙදෙන උපසර්ගයක්
1. නා.ප්‍ර. උත්පත්තියේ සිට කොර තැනැත්තා ; කොරා.
2. පිළිකා ; ගඩු.
3. සිතිවිලි
4. පුටුව.
5. පළිඟුව.
7. කපා පිළියෙළ කළ රෙදි ; වස්ත්‍ර.

පිළිකන්න

නා. ගෙයි පිටුපස කොටස ; ගෘහයක පසු භාගය ; අගුව ; බිතක්කන.

පිළිකාව

නා. ශරීරය තුළ අසාමාන්‍ය ලෙස සෛල සෑදීමෙන් හට ගැනෙන දරුණු ව්‍යාධියක්.

පිළිකුල් භාවනාව

නා. කෙස්, ලොම්, නිය ආදි ශරීරයේ කොටස්වල අශුභ බව මෙනෙහි කරමින් කරන භාවනාව ; අශුභ භාවනාව.

පිළිකෙවු

1. වි. පරික්ෂේපය ; වට කිරීම.
2. ප්‍රතික්ෂේපය ; හැර දැමීම ; නොපිළිගැනීම.

පිළිගන්නවා

1. ක්‍රි. කැමැත්තෙන් යමක් භාර ගන්නවා ; සතුටින් අත්පත් කර ගන්නවා ; ලබා ගන්නවා.
2. (ඉල්ලීම් යෝජනා ආදිය) අනුමත කර සිටිනවා ; එකඟ බව පෙන්වනවා.

පිළිගමන

නා. පෙරළා ගමන් කිරීම ; ආපසු ගමන් කිරීම ; ප්‍රතිගමනය.

පිළිගැටෙනවා

ක්‍රි. එකිනෙකට පටහැණි වන මත ඉදිරිපත් වෙනවා ; ප්‍රතිවිරුද්ධ මත මතු වෙනවා.

පිළිගැනීම

පිළිගැනෙනවා යන්නෙහි භා.නා. 1. බාරගැනීම ; ප්‍රතිග්‍රහණය.
2. (පාරිභා.) ලැබීමේ අනුමතිය වාචික ව හෝ ලිඛිත ව හෝ ප්‍රකාශ කිරීම ; භාරගත් බවට දෙන සහතිකය.
3. (පාරිභා.) අවබෝධය ; වැටහීම ; සම්මතය ; විශ්වාසය.

පිළිජගිනවා

1. ක්‍රි. කෑම් බීම් දීමෙන් පෝෂණය කරනවා ; රැක බලාගැනීම සලසනවා.
2. සරසනවා ; අළුත්වැඩියා කරනවා.
3. අවශ්‍ය පහසුකම් සැලසීමෙන් සුව සලසනවා ; පිළියම් කරනවා.

පිළිණ පත

(පාරිභා.) නා. (ආර්ථි.) ධාරකයා හට එක්තරා කාල සීමාවක දී දැක්වෙන පොළී ප්‍රමාණය අනුව ගෙවන බවට වන ලිඛිත පොරොන්දුව ; බැඳුම්කරය.

පිළිණය

1. නා. පොරොන්දුව ; ගිවිසුම.
2. සාධනය පිණිස ඉදිරිපත් කරන මතය ; ප්‍රතිඥාව.
3. පිළිගැනීම.
4. බාරය ; ඇපවීම.

පිළිතුර

නා. උත්තරය ; ප්‍රත්‍යුත්තරය.

පිළිදෙමුහුම

(පාරිභා.) නා. වෙනස් ජාති වර්ග දෙකක හටගැනීම් අතර යළිත් මුහුම් කිරීමෙන් ජනිත කිරීම.

පිළිපත

1. නා. (පාරිභා.) (චෙක්පත්, සහතික පත් ආදිය) නිකුත් කිරීමෙහි දී තබා ගන්නා උපපත ; අනුසටහන ; උපපත්‍රිකාව.
2. රෙදි පෙරෙදි වස්ත්‍ර.

පිළිපදනවා

1. ක්‍රි. අනුව යනවා ; අනුව ක්‍රියා කරනවා ; අනුගමනය කරනවා ; නියම අයුරින් ක්‍රියා කරනවා.
2. මාර්ගයකට පිවිසෙනවා ; පැමිණෙනවා.