සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1096
පිළිපෙරළි
නා.ප්ර. ශබ්දයන්ගේ ස්වර මාරුකිරීම් ; ස්වර විපර්යාසය.
පිළිබද
1. වි. අයත් වූ ; සම්බන්ධ වූ ; ප්රතිබද්ධ වූ.
2. (ව්යාක.) සම්බන්ධ විභක්ති අර්ථය ගෙන දෙන නිපාතයක්.
3. ඇඳුණු ; බැඳුණු.
පිළිබිඹු වෙනවා
ක්රි. යම්කිසිවක සැබෑ ස්වරූපය ඒ සැටියෙන් ම දැක්වෙනවා ; පෙන්නුම් කරනවා.
පිළිබිඹුව
1. නා. සමාන රූපය ; · කැඩපතකින් දැක්වෙන රූපය.
2. පිළිරුව ; ප්රතිමාව.
පිළිමගේ
නා. පිළිම තැන්පත් කර ඇති ගෘහය ප්රතිමා ගෘහය.
පිළිමය
නා. ප්රතිමාව ; අඹන ලද හෝ නෙළන ලද රූපය ; පිළිබිඹුව.
පිළිමල්
නා.ප්ර. සතුරා ; එදිරිවාදියා ; විරුද්ධවාදියා.
පිළිමල් ඔද
නා.ප්ර. හතුරන්ගේ සවිබලය ; විරුද්ධවාදීන්ගේ උඩඟුකම ; එඩිය.
පිළිමිණි
නා.ප්ර. පළිඟු.
පිළියනවා
ක්රි. සූදානම් කරනවා ; සම්පාදනය කරනවා ; සකස් කරනවා.
පිළියම
1. නා. රෝග සුවය සඳහා බෙහෙත් දීම ; වෙදකම ; ප්රතිකාරය.
2. රෝගී උපස්ථානය.
3. නැවත සකස් කිරීම ; අලුත්වැඩියාව ; පෑස්සීම.
පිළියැළ
නා.ප්ර. කටයුතු සම්පාදනය ; ප්රතිපාදනය සැලැස්වීම සංවිධානය.
පිළිරැව්
නා.ප්ර. ප්රතිරාවය ; නාදයක් අනුව නඟන නාදය ; දෝංකාරය.
පිළිරුව
නා. රූපයක් අනුව සාදා ගැනුණු අන් රූපය.
පිළිරුවා
(සත්ව.) නා. පිලවාගේ කෝෂය පිපිරීමෙන් ඇති වන කෘමි පැටියා.
පිළිරූ මඩුලු
(පාරිභා.) නා.ප්ර. (සත්ව.) කෘමි කීටයාගේ සුහුඹුල් අවයව නිපැදවෙන සෛල.
පිළිලබ
නා.ප්ර. ලැබීම ; ප්රතිලාභය.
පිළිලය
1. නා. උද්භිදයක සාරය උරා බොමින් පෝෂණය වන ශාකය ; පරපෝෂිත ශාකය ; ප්රධාන ගසක් විනාශ කරමින් වැවෙන ලතා ආදිය.
2. අවහිරය ; බාධාව.
පිළිලොම්
නා.ප්ර. අග සිට මුලට පුනරාවර්තනය වීම ; ප්රතිලෝමය.
පිළිවත්
1. නා.ප්ර. පැවැත්ම ප්රතිපත්තිය.
2. නුවණ.
3. සමාන වස්තුව.
පිළිවදන
නා. උත්තරය ; ප්රතිවචනය.
පිළිවන්
වි. හැකි ; නොබැරි ; ප්රමාණවත්.
පිළිවර
(පාරිභා.) නා. (පොත්.) අවාසිය ; බාධාව.
පිළිවහනවා
ක්රි. වළක්වනවා ; බාධා කරනවා.